දේශීය

නිරෝධායනය වෙමින් සිටි තවත් පුද්ගලයන් 5දෙනෙකු කොරෝනා

(UTV |ගාල්ල) – නිරෝධායනය වෙමින් සිටි තවත් පුද්ගලයන් 5දෙනෙකු කොරෝනා ආසාදිතයන් බවට අද (11) තහවුරු කර ගෙන තිබේ.

ඒ මාලදිවයිනේ සිට පැමිණ හබරාදුව කොග්ගල සංචාරක හෝටලයක නිරෝධායනය වෙමින් සිටි පිරිසක් බව හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය පමෝද් සිරිවර්ධන මහතා පවසයි.

මොවුන් කොරෝනා ආසාදිතයන් බවට තහවුරු වී ඇත්තේ පෞද්ගලික රෝහලක කරන ලද PCR පරීක්ෂණ වලදීය.

එම සියලු දෙනාම ඉදිරි වෛද්‍ය ප්‍රතිකාර සඳහා කොළඹ IDH රෝහලට යොමු කරන බව ද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය සිරිවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

2023 අයවැය කතාව ඇරඹෙයි [LIVE]

Mohamed Dilsad

ආනයනික බිත්තර තවත් දිස්ත්‍රික්ක 02කට

Mohamed Dilsad

ටවුන්හෝල් අවට ප්‍රදේශයේ දැඩි තදබදයක්

Mohamed Dilsad

Leave a Comment