දේශීයව්‍යාපාරික

සෙරමික් නිෂ්පාදන ආනයනයට ඉඩ

(UTV| කොළඹ) – ආනයනය තාවකාලිකව අත්හිටුවන ලද සෙරමික් නිෂ්පාදන දින 180 ක ණය පදනම මත ආනයනය කිරීමට කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව ඇත.   

ඒ අනුව බතික් හා අත් යන්ත්‍ර මඟින් වියන ලද ඇඟලුම් හා රෙදිපිළි හැර වෙනත් සාරි වර්ග දින 90 ක ණය පදනම මත ආනයනය කිරීම සඳහා අවසර ලබා දීමටත් හැකිවන පරිදි එම යෝජනාව ඉදිරිපත් කර ඇත.

1969 අංක 1 දරන ආනයන හා අපනයන පනත යටතේ නිකුත් කර ඇති අංක 2214/56 දරණ 2021 පෙබරවාරි 11 දිනැති ගැසට් නිවේදනයේ එකී පනතේ 20 වන වගන්තියේ විධිවිධාන පරිදි අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට මුදල් අමාත්‍යවරයා කළ යෝජනාවට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

Related posts

රාජ්‍ය සේවයේ වැටුප් ගෙවීම් හෙට සුපුරුදු පරිදි

Mohamed Dilsad

හෙට කොළඹට පැය 18 ක ජල සැපයුම අත්හිටුවයි

Mohamed Dilsad

ඉන්ධන මිලේ යම් වෙනසක්?

Mohamed Dilsad

Leave a Comment