දේශීය

හෙට දිනය ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත්කෙරේ

(UTV | කොළඹ) – අපවත්වී වදාළ ශ්‍රී ලංකා අමරපුර නිකායේ මහනායක, අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහනාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය යෙදෙන හෙට (25) දිනය ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.  

ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබුණද එය නිවාඩු දිනයක් නොවන බැවින් රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ කාර්යාල කටයුතු සාමාන්‍ය පරිදි සිදුකෙරෙන බව රජය දැනුම් දෙයි.

කෙසේ වෙතත් හෙට දිනයේදී කොළඹ දිස්ත්‍රික්කයේ සුරාසැල් සහ මාංශ අලෙවිසැල් වසා තැබිය යුතු වෙයි.

අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහා නා හිමියන්ගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව හෙට (25) පස්වරුවේ කොළඹ නිදහස් චතුරශ්‍රයේදී සිදුකිරීමට සියලු කටයුතු යොදා ඇත.

 

Related posts

ශාසනික උන්නතිය සහ සමාජ සුබසාධනය වෙනුවෙන් ඉදිරි දශකයේදීත් කැපවී කටයුතු කරනවා – දියවඩන නිලමේ තැන්පත් ප්‍රදීප් නිලංග දෑල

Editor O

අගමැති ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතවූ ආණ්ඩු පක්ෂයේ රැස්වීම අවලංගුයි

Mohamed Dilsad

රිජ්වේ ළමා රෝහලේ රෝගීන් බැලීමට සීමා පනවයි

Mohamed Dilsad

Leave a Comment