දේශීය

හෙට දිනය ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත්කෙරේ

(UTV | කොළඹ) – අපවත්වී වදාළ ශ්‍රී ලංකා අමරපුර නිකායේ මහනායක, අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහනාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය යෙදෙන හෙට (25) දිනය ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.  

ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබුණද එය නිවාඩු දිනයක් නොවන බැවින් රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ කාර්යාල කටයුතු සාමාන්‍ය පරිදි සිදුකෙරෙන බව රජය දැනුම් දෙයි.

කෙසේ වෙතත් හෙට දිනයේදී කොළඹ දිස්ත්‍රික්කයේ සුරාසැල් සහ මාංශ අලෙවිසැල් වසා තැබිය යුතු වෙයි.

අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහා නා හිමියන්ගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව හෙට (25) පස්වරුවේ කොළඹ නිදහස් චතුරශ්‍රයේදී සිදුකිරීමට සියලු කටයුතු යොදා ඇත.

 

Related posts

පුද්ගලික අංශයටත් කොරෝනා එන්නත් ගෙන්වීමට අවසර දිය යුතුයි

Mohamed Dilsad

ණය ශ්‍රේණිගත කිරීම්වලින් ශ්‍රී ලංකාවට උසස්වීමක්

Editor O

ශානි අබේසේකරගේ පෙත්සම යළි කල් යයි

Mohamed Dilsad

Leave a Comment