දේශීය

පුද්ගලික අංශයටත් කොරෝනා එන්නත් ගෙන්වීමට අවසර දිය යුතුයි

(UTV | කොළඹ) –  නිසි නියාමන ක්‍රමවේදයකට යටත්ව කොරෝනා මර්ධන එන්නත් මෙරටට ගෙන්වීමට පෞද්ගලික අංශයට අවසර ලබාදිමේ ගැටලුවක් නොමැති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

එහි සභාපති උපුල් රෝහණ මහතා සදහන් කළේ ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් අදාල ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම අධීක්ෂණය කළ යුතු බවයි.

කර්මාන්තශාලා ආශ්‍රිතව වැඩි ආසාදිත ප්‍රමාණයක් වර්ධනය වී තිබෙන නිසා ඊළඟට එන්නත්කරණයේදී ප්‍රමුඛතාව හිමි විය යුත්තේ එම පිරිස් බවයි ඔහු සඳහන් කරයි.

මේ වන විට රජය විසින් සිදුකරමින් පවතින එන්නතකරණ වැඩපිළිවෙලට අදාළව ඊයේ දිනය අවසන් වන විට 806449 දෙනෙකුට කොවිෂිල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබා දී අවසන්.

 

Related posts

අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙසට රවීගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

Mohamed Dilsad

බෝවන රෝග දෙකක් තුරන් කල පළමු රටක් බවට ලංකාව පත්වෙයි

Mohamed Dilsad

ගම්මන්පිළ ඉදිරිපත් කළේ නිකම්ම නිකන් කමිටු වාර්තාවක් – ඒක අපි පිළිගන්නේ නැහැ. – කැබිනට් ප්‍රකාශක විජිත හේරත්

Editor O

Leave a Comment