දේශීය

පුද්ගලික අංශයටත් කොරෝනා එන්නත් ගෙන්වීමට අවසර දිය යුතුයි

(UTV | කොළඹ) –  නිසි නියාමන ක්‍රමවේදයකට යටත්ව කොරෝනා මර්ධන එන්නත් මෙරටට ගෙන්වීමට පෞද්ගලික අංශයට අවසර ලබාදිමේ ගැටලුවක් නොමැති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

එහි සභාපති උපුල් රෝහණ මහතා සදහන් කළේ ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් අදාල ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම අධීක්ෂණය කළ යුතු බවයි.

කර්මාන්තශාලා ආශ්‍රිතව වැඩි ආසාදිත ප්‍රමාණයක් වර්ධනය වී තිබෙන නිසා ඊළඟට එන්නත්කරණයේදී ප්‍රමුඛතාව හිමි විය යුත්තේ එම පිරිස් බවයි ඔහු සඳහන් කරයි.

මේ වන විට රජය විසින් සිදුකරමින් පවතින එන්නතකරණ වැඩපිළිවෙලට අදාළව ඊයේ දිනය අවසන් වන විට 806449 දෙනෙකුට කොවිෂිල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබා දී අවසන්.

 

Related posts

IMF පිළිබඳ තීරණය 03දා

Mohamed Dilsad

නවම් පුර පසළොස්වක පොහොය අද යි

Editor O

ඉන්ධන බවුසර් හිමියන්ගේ වැඩ වර්ජනයක්

Mohamed Dilsad

Leave a Comment