දේශීය

ශානි අබේසේකරගේ පෙත්සම යළි කල් යයි

(UTV | කොළඹ) – අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා ගොණු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන මැයි 11 වනදා නැවත කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (31) නියෝග කරයි.

මෙම පෙත්සම අද (31) අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවනු ලැබීය.

ඒ රහස් පොලිසියේ අධ්‍යක්ෂ ධූරයෙන් තමන්ව ඉවත් කිරීමට ජාතික පොලිස් කොමිසම ගත් තීරණයට එරෙහිවයි.

ඊට වන්දි ලෙස රුපියල් කෝටියක මුදලක් රජයෙන් අය කර දෙන ලෙසට ඔහු පෙත්සමෙන් ඉල්ලා සිටියි.

එබැවින් තම ස්ථාන මාරුව බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් තමන්ව නැවත රහස් පොලිසියේ අධ්‍යක්ෂ ධූරයට පත්කරන ලෙස වගඋත්තරකරුවන්ට නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කාර ශානි අබේසේකර මහතා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ජාතික පොලිස් කොමිසමේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයින්, වැඩබලන පොලිස්පතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබේ.

Related posts

පළාත් පාලන ආයතන 339ක ට මහජන නියෝජිතයන් පත් කර ගැනීම සඳහා ඡන්දය භාවිතා කිරීමට සුදුසුකම් ලබා ඇති සංඛ්‍යාව ලක්ෂ 171ක්

Editor O

හන්තානේ ඉඩමක් ගැන පාර්ලිමේන්තු මන්ත්‍රීනී චමින්ද්‍රාණි කිරිඇල්ලට අභූත චෝදනා කළ මාලිමා මන්ත්‍රීට වැඩ වරදී

Editor O

විදෙස්ගතව සිටි ලාංකිකයින් පිරිසක් දිවයිනට

Mohamed Dilsad

Leave a Comment