Trending Newsඑසැන පුවත්දේශීය

මරණ දඬුවම, කතෝලික සභාවේ මතය නෙවෙයි. – කොළඹ අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමා

රාජ්‍ය පාලනයට කාදිනල් හිමියන් හෝ කතෝලික සභාව මැදිහත් නොවන බවත්, පාස්කු ප්‍රහාරයට අදාළ විමර්ශන සාධාරණව සිදුකරන ලෙස ඉල්ලා සිටින බවත්, කොළඹ අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමන් ප්‍රකාශ කරයි. පියතුමන් මේ බව සඳහන් කළේ අද (21) කොළඹදී පැවති මාධ්‍ය හමුවේදීය.

හිටපු රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන සම්බන්ධයෙන් නිර්දේශ ක්‍රියාත්මක කළ පරිද්දෙන් චෝදනා ලබා සිටින සෙසු පුද්ගලයින් සඳහාද එම නිර්දේශ ක්‍රියාත්මක කළ යුතුව ඇති බවද, සිරිල් ගාමිණී පියතුමන් ප්‍රකාශ කළේය.

ශානි අබේසේකර සහ රවී සෙනෙවිරත්න යන නිලධාරීන් පත් කිරීම ගැන ජනාධිපතිවරයාගෙන් හෝ වෙනත් පාර්ශ්වයකගෙන් කාදිනල් හිමියන් කිසිදු ඉල්ලීමක් කර නොමැති බවත් රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයාව සිටියදී සාධාරණ පරීක්ෂණයක් සිදුකරන ලෙස ඉල්ලා සිටි බවද හෙතෙම කීවේය.

”අපි ඉල්ලුවා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් මාරුකර යැවූ මුල සිටම පරීක්ෂණය කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අයව නැවත පරීක්ෂණයයට යොමුකරන්න කියලා. නම් වශයෙන් සදහන් කරලා කවුරුවත් පත්කරන්න කියලා කාදිනල් හිමියන් ඉල්ලලා නෑ. ඒ ප්‍රකාශය හෙළා දකිනවා. තව ප්‍රකාශයක් යනවා හමුදාපතිට සේවා දිගුවක් ඉල්ලුවා කියලා. ඒකත් ප්‍රතික්ෂේප කරනවා. රාජ්‍ය පාලනයට කාදිනල් හිමියන් හෝ කතෝලික සභාව මැදිහත් වෙන්නෙ නෑ. විමර්ශන සාධාරණව කරන්න කියන එක තමයි අපේ ඉල්ලීම.

කොළඹ අගරදගුරු පදවියේ ජන සන්නිවේදන අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිෂාන්ත ප්‍රනාන්දු පියතුමන් ඊයේ දින මාධ්‍ය හමුවේ කළ ප්‍රකාශය සම්බන්ධයෙන්ද සිරිල් ගාමිණී පියතුමා අදහස් දැක්වීය.

”ජූඩ් පියතුමන් කියන්නේ තමන්ගේ මතයට අනුව මරණ දඬුවම දිය යුතුයි කියලා. ඒක කතෝලික සභාවේ මතය නෙවෙයි. දඬුවම් දීම අධිකරණයේ කටයුක්තක්. අපේ වුවමනාව සත්‍ය සෙවීම. අධිකරණය තමයි දෙන දඬුවම තීරණය කරන්නේ. විශ්ව කතෝලික සභාව මරණ දඬුවම ප්‍රතික්ෂේප කරනවා. ජූඩ් පියතුමා දැන් ඉන්නේ නුවර. උන්වහන්සේ මට කතාකරලා කිව්වා ඒක නිවැරදි කරන්න කියලා.

LNW

Related posts

Cabinet Reshuffle: President arrives at Presidential Secretariat

Mohamed Dilsad

Flood Alerts: Tri-Forces launch rescue operations

Mohamed Dilsad

Sebastian Vettel wins in Belgium after dramatic crash

Mohamed Dilsad

Leave a Comment