Trending Newsඑසැන පුවත්දේශීය

විපක්ෂ නායක ධූරය වෙනස් වෙනවාද …? – මුජිබර් රහුමාන්ගෙන් ප්‍රකාශයක්

විපක්ෂ නායක ධුරයට සජිත් ප්‍රේමදාස මහතා වෙනුවට වෙනත් අයකු පත්කිරීම සඳහා රහස් සාකච්ඡා පැවැත්වෙන බවට පළවන පුවත් සම්පූර්ණයෙන්ම අසත්‍යය බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසයි. මුජිබර් රහුමාන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ (20) සමගි ජන බලවේගය විසින් පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමිනි.

මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා මෙසේ ද කීවේය. “අපි දැක්කා විශේෂයෙන්ම මේ විපක්ෂ නායකවරයා මාරු කරන්න රහස් සාකච්ඡා යනවායි කියන කතාවක්. මම පැහැදිලිව කියන්න ඕනෙ විපක්ෂ නායකවරයා මාරුකිරීමේ කිසිම රහස් සාකච්ඡාවක් නැහැ. එහෙම රහස් සාකච්ඡාවක් කොහේවත් ගිහිල්ලාත් නෑ අපි දන්න තරමින්. ඒ වගේම එහෙම අවශ්‍යතාවයක් සමගි ජන බලවේගයට, පාර්ලිමේන්තු කණ්ඩායම තුළ එහෙම අදහසක් ඇවිල්ලාත් නෑ, එහෙම අදහසක් ඇතිවෙලාත් නෑ”

Related posts

අද රාත්‍රියේ සිට හුදෙකලා කරන ප්‍රදේශ මෙන්න

Mohamed Dilsad

Suspect arrested over murder of 10-year-old boy from Chilaw

Mohamed Dilsad

Mohammad Amir looking to rediscover bowling rhythm in domestic cricket

Mohamed Dilsad

Leave a Comment