දේශීය

උතුරු පළාත් ස්වෙච්ඡා ගුරුවරුන් විරෝධතාවයක

(UTV | යාපනය) – යාපනය පිහිටි උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලය ඉදිරිපස අද(20) උතුරු පළාතේ පාසල් තුළ ස්වෙච්ඡා පදනම යටතේ සේවය කරන පාසල් ගුරුවරුන් සිය සේවය ස්ථිර කරදෙන ලෙසට ඉල්ලා විරෝධතාවයක නිරතවිය.

තමන් වසර ගණනාවක් මෙම පදනම යටතේ උතුරු පළාතේ පාසල් තුළ සේවය කරන නමුත් මේ දක්වා තම සේවය ස්ථිර කර නොමැති බව විරෝධතාවයට එක්වූ ස්වේච්ඡා සේවයේ ගුරුවරුන් පැවසූවේය.

තමන්ගේ සේවය ස්ථිර කරදෙන ලෙසට අවස්ථා ගණනාවකදී ඉල්ලීම් කළත් ඉන් ප්‍රයෝජනයක් අත්නොවූ බවද අදාළ ගැටළුව සම්බන්ධයෙන් කඩිනමින් විසඳුමක් ලබාදෙන ලෙසට ඉල්ලීම් කරමින් උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලය වෙත සංදේශයක්ද භාරදෙනු ලැබූ බවද විරෝධතාවයට එක්වූ ගුරුවරුන් පැවසූහ.

යාපනය, කිලිනොච්චිය, මුලතිව් හා මන්නාරම දිස්ත්‍රික්කයේ පාසල්වල සේවයේ නිරත ස්වෙච්ඡා ගුරුවරුන් විරෝධතාවය වෙනුවෙන් එක්ව සිටියහ.

Related posts

ඉදිරි මාසය තුළ ජනතාවට කිසිඳු උත්සවයක් සඳහා අවසර නැහැ

Mohamed Dilsad

මුදල් අමාත්‍යංශ ලේකම්වරයා කළේ වැරදි වැඩක් බව පාඨලී කියයි

Mohamed Dilsad

මැතිවරණ කොමිසමෙන් විශේෂ ඉල්ලීමක්

Mohamed Dilsad

Leave a Comment