දේශීය

උතුරු පළාත් ස්වෙච්ඡා ගුරුවරුන් විරෝධතාවයක

(UTV | යාපනය) – යාපනය පිහිටි උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලය ඉදිරිපස අද(20) උතුරු පළාතේ පාසල් තුළ ස්වෙච්ඡා පදනම යටතේ සේවය කරන පාසල් ගුරුවරුන් සිය සේවය ස්ථිර කරදෙන ලෙසට ඉල්ලා විරෝධතාවයක නිරතවිය.

තමන් වසර ගණනාවක් මෙම පදනම යටතේ උතුරු පළාතේ පාසල් තුළ සේවය කරන නමුත් මේ දක්වා තම සේවය ස්ථිර කර නොමැති බව විරෝධතාවයට එක්වූ ස්වේච්ඡා සේවයේ ගුරුවරුන් පැවසූවේය.

තමන්ගේ සේවය ස්ථිර කරදෙන ලෙසට අවස්ථා ගණනාවකදී ඉල්ලීම් කළත් ඉන් ප්‍රයෝජනයක් අත්නොවූ බවද අදාළ ගැටළුව සම්බන්ධයෙන් කඩිනමින් විසඳුමක් ලබාදෙන ලෙසට ඉල්ලීම් කරමින් උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලය වෙත සංදේශයක්ද භාරදෙනු ලැබූ බවද විරෝධතාවයට එක්වූ ගුරුවරුන් පැවසූහ.

යාපනය, කිලිනොච්චිය, මුලතිව් හා මන්නාරම දිස්ත්‍රික්කයේ පාසල්වල සේවයේ නිරත ස්වෙච්ඡා ගුරුවරුන් විරෝධතාවය වෙනුවෙන් එක්ව සිටියහ.

Related posts

නීතිපතිට, ආණ්ඩුවෙන් දේශපාලන බලපෑම් – පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර

Editor O

කළුතර ප්‍රදේශ කිහිපයක ජනතාවට ජල බිල්පත් ගෙවීමේදී සහනයක්

Mohamed Dilsad

මත්පැන් විෂවීමෙන් හයදෙනෙකු මියයෑමේ සිද්ධියේ සැකකාර කාන්තාවන් දෙදෙනා රිමාන්ඩ්

Editor O

Leave a Comment