දේශීය

අම්බලන්ගොඩ නගරයේ වෙළඳසැල් 3ක් ගිනි ගනී

(UTV | අම්බලන්ගොඩ) – අම්බලන්ගොඩ නගරයේ වෙළඳසැල් 3ක් හදිසියේ හට ගත් ගින්නකින් මුළුමනින්ම විනාශ වී ඇත.

විදුලි උපකරණ අලෙවිසැලක අද අලුයම 1.30ට පමණ හට ගත් ගින්න අවට වෙළඳසැල් දෙකකට ද පැතිරී ඇති බව පොලීසිය සඳහන් කරයි.

අම්බලන්ගොඩ පොලීසිය, ගාල්ල ගිනි නිවන ඒකකය, දක්ෂිණ ලංකා නාවික හමුදා කඳවුරේ ගිනි නිවන රථ සහ අම්බලන්ගොඩ නගර සභාවේ ජල බවුසර යොදා ගනිමින් ගින්න නිවා දැමීමට කටයුතු කර තිබේ.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර, ඒ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

Related posts

ජනපතිගෙන් කාරුණික ඉල්ලීමක්

Mohamed Dilsad

බෝතල් කටු ඇනුණු දරුවෙකු මරුට

Mohamed Dilsad

ගාල්ලේ ගින්නක්

Editor O

Leave a Comment