දේශීය

බෝතල් කටු ඇනුණු දරුවෙකු මරුට

විදුරු බෝතලයක කටු ඇනී තුවාල සහිතව මියගොස් සිටි දරුවෙකුගේ මළසිරුරක් මුල්ලේරියාව, හල්බරාව ප්‍රදේශයේ වැඩබිමක් ඉදිරිපිට තිබී සොයාගෙන තිබේ.

 

119 හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරක් මත මුල්ලේරියාව පොලීසිය සිදුකළ විමර්ශනයකදී ඊයේ (08) පස්වරුවේ එම දරුවාගේ මළසිරුර සොයාගෙන ඇති බව වාර්තා වෙයි.

 

මියගොස් ඇත්තේ අවුරුදු 5යි මාස 6ක් පමණ වයසැති මාලඹේ හල්බරාව ප්‍රදේශයේ පදිංචිව සිටි දරුවෙකු බව පොලීසිය පැවසීය.

 

මියගිය දරුවාගේ පියා වෙන්ව ජීවත් වන අතර මව දිවාකාලයේ රැකියාව සඳහා පිටව යන බැවින් එම දරුවා ආච්චි සහ සීයාගේ රැකවරණය යටතේ සිට ඇති බව අනාවරණය වී තිබේ.

 

මහෙස්ත්‍රාත් පරීක්ෂණය සහ අධිකරණ වෛද්‍ය නිලධාරියාගේ ස්ථානීය පරීක්ෂණය මේ වනවිට සිදුකර ඇති බව පොලීසිය සඳහන් කරයි.

 

පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මෘත ශරීරය මුල්ලේරියාව බෝවන රෝග විද්‍යායතනය වෙත යොමුකර තිබේ.

Related posts

සහල් ගැටළුවට පිළියම් සොයන්න වී සඳහා සහතික මිලක් නියම කළ යුතුයි – ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන

Editor O

පාර්ලිමේන්තු මැතිවරණයේ දී දමිල ප්‍රගතිශිලි සන්ධානයේ සහාය සමගි ජනබලවේගයට

Editor O

ජනාධිපති අපේක්ෂකත්වය රනිල්ට – අමාත්‍ය ප්‍රසන්න රණතුංගගෙන් යෝජනාවක්

Editor O

Leave a Comment