දේශීය

බස් අනතුරක් – 22ක් රෝහලේ

ලංගම බස් රථයක් සහ ලොරි රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අද (09) අලුයම අනතුරක් සිදුවී තිබේ.

 

එම අනතුරින් බස් රථයේ රියදුරු සහ එහි ගමන්ගත් මඟීන් 20 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇත.

 

පොලීසිය සඳහන් කළේ තුවාලකරුවන් අතර ලොරි රථයේ රියදුරා ද සිටින බවය.

 

කොළඹ – අවිස්සාවේල්ල මාර්ගයේ හංවැල්ල, ඇඹුල්ගම ප්‍රදේශයේදී මෙම අනතුර සිදුවී ඇත.

 

කොළඹ දෙස සිට අවිස්සාවේල්ල දෙසට ධාවනයවූ ලොරි රථයක් අක්කරපත්තුව සිට කොළඹ දක්වා ගමන්ගත් ලංගම බස් රථයක මුහුණට මුහුණ ගැටී මෙම අනතුර සිදුවී ඇති බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

බහාලුම් නිදහස් කිරීම ගැන එල්ලවන චෝදනාවලට පිළිතුරුදීමට රේගුවෙන් මාධ්‍ය හමුවක්

Editor O

අගමැති ඇතුළු සියලු දෙනා ඉල්ලා අස්විය යුතුයි

Mohamed Dilsad

විශේෂ ගුවන් යානයක් නැවතත් ඉන්දියාවට

Mohamed Dilsad

Leave a Comment