දේශීය

බස් අනතුරක් – 22ක් රෝහලේ

ලංගම බස් රථයක් සහ ලොරි රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අද (09) අලුයම අනතුරක් සිදුවී තිබේ.

 

එම අනතුරින් බස් රථයේ රියදුරු සහ එහි ගමන්ගත් මඟීන් 20 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇත.

 

පොලීසිය සඳහන් කළේ තුවාලකරුවන් අතර ලොරි රථයේ රියදුරා ද සිටින බවය.

 

කොළඹ – අවිස්සාවේල්ල මාර්ගයේ හංවැල්ල, ඇඹුල්ගම ප්‍රදේශයේදී මෙම අනතුර සිදුවී ඇත.

 

කොළඹ දෙස සිට අවිස්සාවේල්ල දෙසට ධාවනයවූ ලොරි රථයක් අක්කරපත්තුව සිට කොළඹ දක්වා ගමන්ගත් ලංගම බස් රථයක මුහුණට මුහුණ ගැටී මෙම අනතුර සිදුවී ඇති බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

වැඩහල්වල වෘත්තීය පුහුණුව ලබන සිසුන්ට ආරක්ෂිත ඇඳුම් කට්ටල

Mohamed Dilsad

ලක්ෂ 22ක තැල්ලක් සොරකම් කළ පාසල් ගුරුවරියක් අත්අඩංගුවට

Mohamed Dilsad

අද රාත්‍රීයේ සිට යළිත් මුළු දිවයිනටම ඇඳිරි නීතිය

Mohamed Dilsad

Leave a Comment