දේශීය

ජනපතිගෙන් කාරුණික ඉල්ලීමක්

(UTV |කොළඹ) –  ඉදිරි කාලයේදී තමන් ජාතික වගකීම් සපුරාලීම සඳහා කාලය වැය කිරීමේදී වැඩි වශයෙන් කාර්ය බහුල වනු ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

මේ නිසා උත්සව, ත්‍යාග ප්‍රදානොත්සව මෙන්ම විවාහ මංගල්‍ය හා සාද වැනි පෞද්ගලික අවස්ථාවන්ට සහභාගි වීමට කාලය නැති නිසා එවැනි අවස්ථා සඳහා ජනාධිපතිවරයාට ආරාධනා නොකරන්නැයි සියලු දෙනාගෙන් කාරුණික ඉල්ලීමක් කෙරේ.

ජනතා යහපත උදෙසා රජයේ සංවර්ධන ව්‍යාපෘති කඩිනම් කිරීමට සහ බිම් මට්ටමේ ජනතා ගැටලු විසඳීමට ජනාධිපතිවරයා සිය දෛනික නිල කාර්යයන්ට අමතරව ප්‍රමුඛත්වය දී තිබේ.

ජනාධිපතිවරයා සිය කාලය තමාගේ කාලය පූර්ණ වශයෙන් ජනතාවගේම අභිවෘද්ධිය පිණිස කැප කිරීමත්, ජනාධිපති කාර්යාලය දියත් කරන ක්‍රියාදාමයන් මෙහෙයවීමට නායකත්වය සැපයීමත් නිසා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහභාගිත්වය අපේක්ෂා කරන පාර්ශ්වයන්ගෙන් මේ ඉල්ලීම කරන බව ජනාධිපති මාධ්‍ය අංශය අවධාරණය කරයි.

Related posts

බන්ධනාගාර සිදුවීම් විමර්ශණයට කමිටුවක්

Mohamed Dilsad

දරුවන්ගේ මරණවලට හේතුවූ ඉන්දීය ඖෂධය ලංකාවට ගෙනත් නෑ

Mohamed Dilsad

A -9 මාර්ගයේ බස් අනතුරකින් 13කට තුවාල

Mohamed Dilsad

Leave a Comment