දේශීය

සිමෙන්ති හිගයක් – හේතුව මාෆියාව

(UTV | කොළඹ) – ගතවූ දින 02 තුළදී සිමෙන්ති මෙට්‍රික් ටොන් 31,200 ක් දිවයිනට ගෙන්වා ඇතත් වෙළඳපොල තුළ තවදුරටත් හිගයක් පැවතීමට හේතුව මාෆියාවක් ක්‍රියාත්මක වීම බවට ශ්‍රී ලංකා ඉදිකිරීම්කරුවන්ගේ සංගමය චෝදනා කරනවා.

එහි සභාපති සුසන්ත ලියනාරච්චි මහතා කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී රජයෙන් ඉල්ලා සිටියේ වැඩි මිළට සිමෙන්ති අලෙවි කිරීම වළක්වාලීම සඳහා හැකිතාක් මිළ පාලනය පවත්වාගෙන යන ලෙසයි.

මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා සහ මුදල් අමාත්‍යවරයා සමගද සාකච්ඡා කර ඇති බවයි ශ්‍රී ලංකා ඉදිකිරීම්කරුවන්ගේ සංගමයේ සභාපති සුසන්ත ලියනාරච්චි මහතා කියා සිටියේ.

Related posts

දිවයින පුරා සිදුකළ මෙහෙයුමකින් පුද්ගලයින් 3,000 කට වඩා අත්අඩංගුවට

Mohamed Dilsad

මහනුවර බාලිකා පාසලක විදුහල්පතිනියක් 27 තෙක් රිමාන්ඩ්

Mohamed Dilsad

මාස දෙකහමාරක් තුළ මැගසින් බන්ධනාගාරයට උඩින් පාර්සල් 54 ක්

Mohamed Dilsad

Leave a Comment