දේශීය

සිමෙන්ති හිගයක් – හේතුව මාෆියාව

(UTV | කොළඹ) – ගතවූ දින 02 තුළදී සිමෙන්ති මෙට්‍රික් ටොන් 31,200 ක් දිවයිනට ගෙන්වා ඇතත් වෙළඳපොල තුළ තවදුරටත් හිගයක් පැවතීමට හේතුව මාෆියාවක් ක්‍රියාත්මක වීම බවට ශ්‍රී ලංකා ඉදිකිරීම්කරුවන්ගේ සංගමය චෝදනා කරනවා.

එහි සභාපති සුසන්ත ලියනාරච්චි මහතා කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී රජයෙන් ඉල්ලා සිටියේ වැඩි මිළට සිමෙන්ති අලෙවි කිරීම වළක්වාලීම සඳහා හැකිතාක් මිළ පාලනය පවත්වාගෙන යන ලෙසයි.

මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා සහ මුදල් අමාත්‍යවරයා සමගද සාකච්ඡා කර ඇති බවයි ශ්‍රී ලංකා ඉදිකිරීම්කරුවන්ගේ සංගමයේ සභාපති සුසන්ත ලියනාරච්චි මහතා කියා සිටියේ.

Related posts

දිවයිනේ සියලුම බන්ධනාගාරවල PCR පරීක්ෂණ

Mohamed Dilsad

සරසවි සිසුවියගේ ඝාතනයේ මහෙස්ත්‍රාත් පරීක්ෂණයේ තීන්දුව මෙන්න

Mohamed Dilsad

සර්ව පාක්ෂික සමුළුවේදී බැසිල් – අනිල් අතර උණුසුම් වචන හුවමාරුවක්

Mohamed Dilsad

Leave a Comment