දේශීය

සර්ව පාක්ෂික සමුළුවේදී බැසිල් – අනිල් අතර උණුසුම් වචන හුවමාරුවක්

(UTV | කොළඹ) – අද පැවති සර්ව පාක්ෂික සමුළුවේදී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ හා හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ අතර උණුසුම් වචන හුවමාරුවක් සිදු වුණා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත් වූ වාර්තාව අවස්ථා කිහිපයකදී ඉල්ලා සිටියත් එය නොලැබුණු බවත් අද හෝ එය ලබාදෙන ලෙස හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ ඉල්ලා සිටියා.

එයට පිළිතුරු ලබාදෙමින් මුදල් අමාත්‍යවරයා සඳහන් කළේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් නිකුත් කළ සම්පූර්ණ වාර්තාව නොලැබුණු බවයි.

රනිල් වික්‍රමසිංහ යළි සඳහන් කළේ, ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන වාර්තාව නිකුත් කර ඇති බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කර ඇති බවයි.

එහිදී උණුසුම් වචන හුවමාරුවක් දෙදෙනා අතර සිදුවු අතර මුදල් අමාත්‍යවරයා එහිදි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් නිකුත් කළ කෙටුම්පත පමණක් ලැබුණු බව පිළිගත්තා.

රටේ පවතින ආර්ථික අර්බුදයට විසඳුම් හා යෝජනා ලබා ගැනීමේ අරමුණින් මෙම සර්ව පාක්ෂික සමුළුව කැඳවා තිබුණා.

Related posts

වී වගාව සඳහා පොහොර සහනාධාරය කුඹුරු අයිතිකරුවන්ට සහ අඳ ගොවීන්ට පමණයි

Editor O

කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව තවත් ඉහළට

Mohamed Dilsad

ඡන්දය ප්‍රකාශ කිරීමට දැඩි උනන්දුවක්

Editor O

Leave a Comment