දේශීය

විදුහල්පති සමිති සන්ධානය හෙට ලෙඩ නිවාඩු

(UTV | කොළඹ) – විදුහල්පති සංගම් 08 ක් ඇතුළත් විදුහල්පති සමිති සන්ධානය හෙට ලෙඩ නිවාඩු වාර්තා කරමින් එක්දින සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා.

වැටුප් සංශෝධන චක්‍රලේඛය මගින් විදුහල්පති ශ්‍රේණිධාරින්ට මූල්‍ය අසාධාරණයක් සිදුව ඇති බැවින් ඊට නිසි විසදුමක් නොලැබීම හමුවේ මෙම තීරණය ගෙන ඇති බවයි විදුහල්පති සමිති සන්ධානය දැනුම් දෙන්නේ.

සංශෝධන චක්‍රලේඛය නිකුත් වීමෙන් අනතුරුව මෙම ගැටලුව සම්බන්ධයෙන් අදාළ පාර්ශව දැනුවත් කළද මේ දක්වා කිසිදු ප්‍රතිචාරයක් නොවු බවද ඔවුන් පෙන්වා දෙනවා.

එම නිසා හෙට දිනයේදී නිසි විසදුමක් නොලැබුණහොත් පෙබරවාරි 03 වනදා උද්ඝෝෂණයක් පැවැත්වීමට සංවිධානය කර ඇති බවයි නිව්ස් රේඩියෝවට අදහස් දක්වමින් ලංකා විදුහල්පති සංගමයේ ලේකම් පියසිරි ප්‍රනාන්දු මහතා කියා සිටියේ.

Related posts

නියෝජ්‍ය අමාත්‍යවරු 29ක් ජනාධිපති ඉදිරියේ දිවුරුම් දෙති.

Editor O

ජනාධිපතිවරණයට ඇප මුදල් තැන්පත් කරන විදිය

Editor O

මහේල ජයවර්ධන විශේෂ විමර්ශන ඒකකයට පැමිණෙයි

Mohamed Dilsad

Leave a Comment