දේශීය

කුමන අළුත් ප්‍රභේද පැමිණියද මෙරට සෞඛ්‍ය පද්ධතියට එය පාලනය කරගත හැකියි

(UTV | කොළඹ) – ගෝලීය කොවිඩ් ව්‍යසනය මධ්‍යයේ කුමන අළුත් ප්‍රභේද පැමිණියද මෙරට සෞඛ්‍ය පද්ධතියට එය පාලනය කරගතහැකි බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

ඇතැම් පිරිස් ඒ පිළිබඳ දුර්මත ගෙනගියද මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයට ඕනෑම තත්ත්වයකට මුහුණ දියහැකි ඉහළ ශක්තියක් පවතින බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

ඊයේ(26) සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවති විශේෂ සාකච්ඡාවකදී අමාත්‍ය රඹුක්වැල්ල මහතා මේ බව කීය.

නව ප්‍රභේදය සමඟ , ලෝක සංඛ්‍යා ලේඛණ දෙස බලන විට යම් තිගැස්මකට ලක්වන බවත් එහෙත් මෙරට සෞඛ්‍ය සේවාව පිළිබඳව ඉහළ විශ්වාසයක් ජාත්‍යන්තරික වශයෙන් පවා පවතින බවත් අමාත්‍යවරයා කීය.

ඇතැමුන් රටෙහි සෞඛ්‍ය පද්ධතිය කඩා වැටෙන තත්ත්වයක පවතින බවට දුර්මත ගෙනයන බවද, එහෙත් එවැනි තත්ත්වයක් කිසිලෙසකින් ඇති නොවන්නට වගබලා ගන්නා බවද අමාත්‍යවරයා කීය. විශේෂයෙන් රටෙහි සෞඛ්‍ය පද්ධතියට මේ උදෙසා හැකියාවක් පවතින බවත් එමෙන්ම එයට විශ්වාසයක් , ආත්ම ශක්තියක් පවතින්නේ පුහුණුව ලත් රටට අවශ්‍ය සෞඛ්‍ය කාර්ය මණ්ඩලයක් රට තුළ සිටීම මෙන්ම ඔවුන්ගේ ප්‍රශංසනීය කැපවීම නිසා බවත් අමාත්‍යවරයා කීය.

විශේෂයෙන් විශේෂඥ වෛද්‍යවරයාගේ සිට සෑම දෙනාගේම ඉහළ කැපකිරීම ව්‍යසනය පාලනයට ලැබුණු ඉහළ ශක්තියක් බවත් නව ප්‍රභේදයේ හැසිරීම කෙසේ වෙතත් එන්නත් මගින් වෛරසයේ ව්‍යාප්තිය හා මරණ ප්‍රමාණය අඩු කරගැනීමට හැකි වූ බවත් අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

Related posts

හෙට සිට මාර්තු 11දක්වා පියවරෙන් පියවර වසා තැබෙන කොළඹ මාර්ග

Mohamed Dilsad

ඉන්දීය ජාතිකයින් පිරිසක් දිවයිනට

Mohamed Dilsad

සියලුම ගුරු – විදුහල්පතිවරු හෙට ලෙඩ නිවාඩු

Mohamed Dilsad

Leave a Comment