විදෙස්

ඊශ්‍රායලයේ චීන තානාපතිවරයාගේ මළසිරුර හමුවෙයි

(UTV | ඊශ්‍රායලය) –  ඊශ්‍රායලයේ චීන තානාපතිවරයා ලෙස සේවය කළ ඩු වෙයි මහතාගේ මළසිරුර උතුරු ටෙල් අවිව් ප්‍රදේශයේ හෙර්ස්ලියාහි පිහිටි ඔහුගේ නිවසේ තිබියදී අද අළුයම සොයාගත් බව ඊශ්‍රායල විදේශ කටයුතු අමාත්‍යංශය සහ පොලිසිය පවසයි.

මරණයට හේතුව නිල වශයෙන් හෙළිදරව් වී නොමැති අතර ඒ පිළිබඳ පොලිස් විමර්ශනයක් ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මූලික නිරීක්ෂණ අනුව තානාපතිවරයාගේ මරණයට හේතුව හෘදයාබාධයක් ලෙස අනාවරණය වී ඇති බව ද එම වාර්තා පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් ඊශ්‍රායල විදේශ කටයුතු අමාත්‍යංශයේ අධ්‍යක්ෂ ජනරාල් යුවාල් රොටෙම් මහතා චීනයේ නියෝජ්‍ය තානාපතිවරයාට සිය ශෝකය පළකර ඇති අතර චීන තානාපති කාර්යාලයට අවශ්‍ය ඕනෑම සහායක් ලබා දෙන බවට ද පොරොන්දු වී ඇත.

Related posts

ඇෆ්ගනිස්තානයේ තවත් භූකම්පනයක්

Mohamed Dilsad

දකුණු අප්‍රිකාවේ අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 60ක් මියයයි.

Mohamed Dilsad

අධි අවදානම් සහිත මත්ද්‍රව්‍ය ලැයිස්තුවෙන් “කංසා” ඉවත් වෙයි

Mohamed Dilsad

Leave a Comment