විදෙස්

අධි අවදානම් සහිත මත්ද්‍රව්‍ය ලැයිස්තුවෙන් “කංසා” ඉවත් වෙයි

(UTV| කොළඹ) – අධි අවදානම් සහිත මත්ද්‍රව්‍ය ලැයිස්තුවෙන් “කංසා” ඉවත් කිරීමට ජගත් සංවිධානයේ ඖෂධ නියෝජිතායතනය තීරණය කර තිබේ.

වියෙනා නුවර පැවති එහි වාර්ෂික සම්මේලනයේදී සාමාජික රටවල් අතර පැවති ඡන්දයෙන් 27 ට 25 ක් ලෙස ඊට අනුමැතිය හිමිවිය.

“කංසා” එම අධි අවදානම් ලැයිස්තුවේ වසර 59ක කාලයක් පැවති අතර , කංසා සහ කංසාවල වෙනත් නිෂ්පාදන සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ නිර්දේශ මාලාවක් සමාලෝචනය කිරීමෙන් පසුව එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය කොමිසම මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව, හෙරොයින් වැනි මාරාන්තික ඇබ්බැහිවීම් සහිත මත්ද්‍රව්‍ය ලැයිස්තුවෙන් “කංසා”ඉවත් කෙරෙනු ඇති.

නීතිවිරෝධී මත්ද්‍රව්‍යයක් ලෙස ප්‍රකටව ඇති කංසාවල ඖෂධීය හා චිකිත්සක ගුණ හඳුනාගැනීමට මේ තුළින් වැඩි අවස්ථාවක් උදාවී ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

හෙරොයින් ඇතුළු අනෙකුත් අනතුරුදායක මත්ද්‍රව්‍ය මෙන්, ගංජා වලින් කැපී පෙනෙන මරණීය අවදානමක් නොමැති බවත්, දැඩි වේදනාව හා අපස්මාරය වැනි රෝග තත්ත්වයන්ට ප්‍රතිකාර කිරීම සඳහා එය යොදා ගත හැකි බවත්, ලෝක සෞඛ්‍ය සංවිධානය හඳුනාගෙන තිබේ.

 

Related posts

ඔසාමා බින් ලාඩන්ගේ පුත් හම්සා බින් ලාඩන් ජිවිතක්ෂයට ?

Mohamed Dilsad

ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් දිනෙන් දින ඉහළට

Mohamed Dilsad

ගොඩබෑමේදී ගුවන් යානයක් පෙරළෙයි. 18 දෙනෙකුට තුවාල

Editor O

Leave a Comment