දේශීය

දිනක වැටුප පරිත්‍යාග කිරීම සන්නද්ධ හමුදාවන්ට සහ පොලීසියට අදාළ නොවේ

(UTV| කොළඹ) – කොරෝනා වසංගතය හේතුවෙන් පවත්නා මූල්‍යමය අපහසුතාවය මඟහරවා ගැනීම සඳහා රජයට දිනක වැටුප පරිත්‍යාග කිරීම ත්‍රිවිධ හමුදා, පොලිස් සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු නිලධාරීන්ට අදාළ නොවන බව ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා පැවසීය.

කොරෝනා වෛරස් වසංගතය හේතුවෙන් රජය මුහුණ දී ඇති මූල්‍යමය අපහසුතාවය මඟහරවා ගැනීම සඳහා පසුගිය සතියේ ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර රජයේ සේවකයින්ගෙන් ඉල්ලා සිටියේ මැයි මාසයේ මුළු වැටුප හෝ දිනක වැටුප වැන්දඹුහාඅනත්දරු  විශ්‍රාම අරමුදලට පරිත්‍යාග කරන ලෙසයි.

සමාජ මාධ්‍ය මගින් සන්නද්ධ හමුදාවන්ගෙන් සහ පොලීසියෙන් දිනක වැටුප් කප්පාදුවක් සිදු කරන ලෙස ආරක්ෂක අමාත්‍යාංශයනියෝගනිකුත් කර ඇති බව පවසා තිබීම ප්‍රතික්ෂේප කරමින් මේජර් ජෙනරාල් ගුණරත්න පවසා සිටියේ මෙම ඉල්ලීම සොල්දාදුවන්, නැවියන්, ගුවන් භටයින්, පොලිස් සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු නිලධාරීන් සදහා අදාළ නොවන බවයි.

කෙසේ වුවද, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, වැඩබලන පොලිස්පති සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට උපදෙස් ලබා දෙමින් ආරක්ෂක ලේකම් පවසා සිටියේ දිනක වැටුප පරිත්‍යාග කිරීම ත්‍රිවිධ හමුදා, පොලිස් සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට අදාළ නොවන බවය.

Related posts

ළමයින්ට එරෙහි දඬුවම් තහනම් කිරීමට සැලසුම්

Editor O

පීඩන අවපාතයක් පිළිබඳ කාලගුණ නිවේදනයක්

Mohamed Dilsad

මන්ත්‍රී වැටුප මාස දෙකක් අත්හිටුවන්නැයි යෝජනාවක්

Mohamed Dilsad

Leave a Comment