දේශීය

අණ නොතකා ධාවනය කල මෝටර් රථයේ සැකකරුවන් රිමාන්ඩ්

(UTV | කොළඹ) – මෝදර අළුත් පාලම අසල ඇඳිරි නීතිය කඩ කරමින් අන නොතකා ධාවනය කල සැකකරුවන්ව ඊයේ දින මොරටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අප්‍රේල් 17 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

මේ වන විට අප්‍රේල් 17 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන සැකකරු තවදුරටත් බන්ධනාගාර නිලධාරීන් බාරයේ එම රෝහලේම ප්‍රතිකාර ලබමින් සිටියි.

සිද්ධිය සම්බන්ධයෙන් වෙඩි තැබීම හේතුවෙන් කාර් රථයේ ගමන් ගත් පුද්ගලයින් සිව්දෙනෙකුගෙන් තිදෙනෙක් තුවාල ලබා පානදුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එක් තුවාලකරුවෙක් වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරු කර යවා තිබේ.

කෙසේවෙතත් කාර් රථයේ රියදුරු සමඟ තුවාල ලැබු තිදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර එගොඩඋයන පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Related posts

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, ගත් තීරණයට, එජාපය කෘතඥතාව පළ කරයි

Editor O

ඇමෙරිකාවෙන් බොර තෙල් මිලදී ගැනීමේ සූදානමක්

Editor O

ජාතික ජන බලවේගය මැතිවරණ කොමිසමෙන් සාකච්ඡාවක් ඉල්ලයි

Mohamed Dilsad

Leave a Comment