Trending Newsඑසැන පුවත්දේශීය

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, ගත් තීරණයට, එජාපය කෘතඥතාව පළ කරයි

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එකතු කිරීමේ වගකීම බාර ගැනීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ගත් තීරණය සම්පූර්ණයෙන්ම පිළිගන්නා බව එක්සත් ජාතික පක්ෂය සඳහන් කරයි. .

එජාප – සජබ එකතු කිරීමේ වැඩ කටයුත්තට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පෞද්ගලිකවම ඉදිරිපත් වීම පිළිබඳව විශේෂ කෘතඥතාවය පළ කරන බවද එක්සත් ජාතික පක්ෂය සදහන් කරයි.

එජාප – සජබ එකතුව සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, මහ ලේකම් නීතිඥ තලතා අතුකෝරළ සහ ජාතික සංවිධායක සාගල රත්නායක මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල කමිටුවක් පත් කිරීමටද එක්සත් ජාතික පක්ෂය පියවර ගෙන ඇත.

මේ සම්බන්ධයෙන් සියලු සාකච්ඡා ඉහත ත්‍රිපුද්ගල කමිටුව විසින් මෙහෙයවන බව එක්සත් ජාතික පක්ෂය සඳහන් කරයි.

Related posts

பல்கலைக்கழக பேராசிரியர்கள் – பிரதமர் சந்திப்பு

Mohamed Dilsad

මැතිවරණ රාජකාරීවල නිරතවූ නිලධාරීන්ට දැනුම්දීමක්

Editor O

Litro Gas Lanka provides gas cookers and cylinders to families affected by floods

Mohamed Dilsad

Leave a Comment