දේශීය

රත්මල්යයේ කොරෝනා රෝගියා ඇසුරු කල 39ක් සොයා මෙහෙයුම්

(UTV |පුත්තලම ) – කොරෝනා ආසධිතයෙකු සමඟ මන්නාරම අවමංගල්‍යකට සහභාගිවි සැගවි සිටින 39 ‍දෙනෙකු සොයා ආරක්ෂක අංශ සමග සෞඛ්‍ය අංශ විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

මෙම කොරෝනා ආසාධිතයා පුත්තලම රත්මල්යාය ‘අල්කාසිම් සිටි’ නිවාස යෝජනා ක්‍රමයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු ඉන්දුනිදියාවේ ආගමික කටයුතු සදහා සහභාගි වි නැවත පසුගිය මාර්තු 16 දින ශ්‍රී ලංකාවට පැමිණ ඇත.

ඔහු පසුගියදා තවත් පිරිසක් සමග මන්නාරම ප්‍රදේශයේ අවමංගල්‍යකට සහභාගිවී තිබේ.

මෙම පිරිස මේ වන විටත් සැගවි සිටිමත් සමග මොවුන් සොයා මෙහෙයුමක් අරඹා ඇති බව පුත්තලම පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක එන් .සුරේෂ් මහතා පවසයි.

මෙම පිරිස සොයා ගැනිම අද (9) දවස තුළ සිදුකරන බවද ආරක්ෂක අංශ හා සෞඛ්‍ය අංශ පවසයි.

Related posts

කෙහෙළිය සහ හිටපු SPC සභාපතිට නිදහස

Mohamed Dilsad

‘සැකයකින් තොරව මහ කන්නය අරඹන්න’ – ඇමති මහින්ද

Mohamed Dilsad

රාජ්‍ය ඇමති කබ්රාල්ගේ ඉල්ලා අස්වීම පාර්ලිමේන්තු මහ ලේකම්ට

Mohamed Dilsad

Leave a Comment