දේශීයවිදෙස්

ලොව පුරා කොරෝනා මරණ 15000කට ආසන්න වේ

(UTV|කොළඹ) – අද (23) වන විට නව කොරෝනා වෛරසයෙන් ලොව පුරා සිදුවූ මරණ සංඛ්‍යාව 14,611ක් දක්වා ඉහළ ගොස් තිබේ.

රටවල් 190 ක පැතිර ගොස් ඇති නව කොරෝනා වෛරසයෙන් අද වන විට මරණ 14,611ක් වාර්තා වී ඇති අතර ලොව පුරා ආසාදිතයන් ගණන තුන් ලක්ෂ තිස්හය දහස ඉක්මවයි.

මෙම වෛරසයෙන් පූර්ණ සුවය ලබා ඇති සංඛ්‍යාව 97,636 කි.

වෛරසය මේ වන විට යුරෝපා කලාපයේ සීඝ්‍රයෙන් පැතිර යමින් ඇති අතර එහි බලපෑමට වැඩියෙන්ම ගොදුරුවී තිබෙන්නේ ඉතාලිය වන අතර මේ වනවිට සමස්ත ආසාදිතයන් ගණන හැට දහසකට ආසන්නයි.

පසුගිය පැය 24 තුලදී අලුතින් වාර්තාවූ මරණ 651ත් සමගින් එරට සමස්ත මරණ සංඛ්‍යාව 5476 දක්වා ඉහළ ගොස් තිබේ.

කෙසේ වෙතත් පසුගිය දිනට සාපේක්ෂව දිනක් තුළ වැඩිවූ මරණ සංඛ්‍යාවේ අඩුවක් දක්නට ලැබෙයි.

මරණ 3,456ක්ම වාර්තාවී තිබෙන්නේ වෛරසයෙන් වැඩි බලපෑමක් එල්ලවී ඇති ලොම්බාඩි කලාපයෙනි.

මෙවන් පසුබිමක් තුළ රුසියාව සහ කියුබාව වෛද්‍යාධාර සහ සෞඛ්‍ය සේවක කණ්ඩායම් ඉතාලියට යැවීමට පියවර ගෙන තිබුණි.

Related posts

ප්‍රථම වරට විශ්ව විද්‍යාලවල සිදුකරන පර්යේෂණ හා අධ්‍යයනයන් පාර්ලිමේන්තුවට

Mohamed Dilsad

නව කොරෝනා රෝගීන් 22ක්

Mohamed Dilsad

ආනයනික මෝටර් රථ සඳහා ඇමරිකාව තීරු බදු ඉහළ දමයි

Editor O

Leave a Comment