දේශීය

මෙම කාලය තුළ මුදල් භාවිත ගැනත් උපදෙස්

(UTV |කොළඹ) – නව කොරෝනා වෛරසය වායුගෝලයේ සජීවීව පවත්නා කාලය මෙතෙක් නිශ්චිත වශයෙන් තහවුරු කරගෙන නොමැත.

කෙසේ වෙතත්, ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ මෙතෙක් සිදුකර ඇති අධ්‍යයනයන්ට අනුව එම වෛරසය පැය කිහිපයක් හෝ දින කිහිපයක් දක්වා සජීවීව පැවතීමේ හැකියාවක් ඇති බවය.

එම වෛරසය සජීවීව පැවතීමේ කාලය සාධක කිහිපයක් මත රදා පවතී.ඒ අදාළ ස්ථානයේ මතුපිට ස්වභාවය, පරිසර උෂ්ණත්වය , පරිසරයේ ආර්ද්‍රතාව මතය.

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ මහජන සෞඛ්‍ය පිළිබද නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පබා පළිහවඩන පවන්නේ
“තම තමන්ගේ පිරිසුදුකම ගැන සැලකිලිමත් වීම වැදගත් වන බවයි.නමුත් මුදල් සංසරණයෙන් හෝ ATM කාඩ් භාවිතයෙන් වෛරසය ආසාදනය වන බවට මෙතෙක් තහවුරු වෙලා නැහැ. වෛරසයක් ආසාදනය වෙන්න ලොකු මාත්‍රාවක් ශරීරගත විය යුතුයි”.

“මේ නිසා අනවශ්‍ය බියක් ඇති කර නොගත යුතුයි. අපේ රටේ තියෙන උෂ්ණාධික තත්ත්වය නිසා වෛරස් වැඩි කාලයක් සජීවීව තිබීමේ ඉඩකඩ අඩුයි ” වෛද්‍ය පබා පළිහවඩන පෙන්වා දෙයි.

Related posts

කෝප් සහ කෝපා සභාපති ධුර සජබයට

Mohamed Dilsad

එජාපයේ නියෝජ්‍ය නායකධූරයට රුවන් විජේවර්ධන පත්වෙයි

Mohamed Dilsad

මහනුවර රජයේ වෛද්‍යවරු අද වැඩ වර්ජනයක

Mohamed Dilsad

Leave a Comment