විදෙස්

බ්‍රෙක්සිට් ක්‍රියාවලිය කල්දැමීමේ යෝජනාවට අනුමැතිය හිමිවේ.

(UTV| බ්‍රිතාන්‍යය) – බ්‍රෙක්සිට් ක්‍රියාවලිය කල්දමිම අදාළ යෝජනාව සම්මත කරගැනීම සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවී තිබේ

කෙසේවෙතත් එම යෝජනාව සම්මත වූයේ එක් වැඩි ඡන්දයකින් පමණක් වීම විශේෂත්වයක් වන අතර මෙම යෝජනාව බලාත්මක වීමට පෙර සාමි මණ්ඩලයේ අනුමැතියද ලබා ගත යුතුව ඇති බව විදෙස් වාර්තාවල දැක්වේ.

බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීම සඳහා වන බ්‍රෙක්සිට් සැලසුමට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහාය නොලැබීම හේතුවෙන් නියමිත දිනට එම සැලසුම ක්‍රියාත්මක කිරීමට නොහැකි වුණි.

අදාළ යෝජනාව සඳහා ඡන්ද විමසුම පැවැත්වීමට පෙර අග්‍රාමාත්‍ය තෙරේසා මේ සහ කම්කරු පක්ෂයේ නායක ජෙරමි කෝබින් අතර සාකච්ඡාවක්ද සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුර සඳහන් වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අමෙරිකාවෙන් රටවල් 100 කට ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන 500 ක්

Mohamed Dilsad

ට්‍රම්ප් පරාජය පිළිගනී – ජෝ බයිඩ්න් අමාත්‍ය මණ්ඩලය නම් කරයි

Mohamed Dilsad

බ්‍රිතාන්‍යයේ නිරෝධායන ඇඳිරි නීති සීමා දීර්ඝ කෙරේ

Mohamed Dilsad

Leave a Comment