විදෙස්

බ්‍රිතාන්‍යයේ නිරෝධායන ඇඳිරි නීති සීමා දීර්ඝ කෙරේ

(UTV |කොළඹ ) – මහා බ්‍රිතාන්‍යය විසින් දැනට පණවා ඇති නිරෝධායන ඇඳිරි නීති සීමා තවත් සති 3 ක් පවත්වාගෙන යාමට තීරණය කර තිබේ.

එරට විදේශ ලේකම් ඩොමිනික් රාබ් පෙන්වා දෙන ආකාරයට පවතින සීමා ලිහිල් කිරීමෙන් මහජන සෞඛ්‍යයට පමණක් නොව ආර්ථිකයටද බලපෑම් කල හැකි වේ.

අපේක්ෂා කරන මට්ටම දක්වා ආසාධිතයන්ගේ සංඛ්‍යාවේ පහළ යාමක් වාර්තා වී නොමැති බවද ඔහු සඳහන් කළේය.

ඊයේ දිනයේදී මහා බ්‍රිතාන්‍යය තවත් පුද්ගල මරණ 861 ක් වාර්තා වූ අතර ඒ අනුව මේ වනවිට සමස්ත මරණ සංඛ්‍යාව 13 දහස් 729 කි.

Related posts

හමුදාව ආශ්‍රිතව ප්‍රථම මන්කිපොක්ස් රෝගියා

Mohamed Dilsad

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව අත්හිටුවීමට කල ඉල්ලීමට මහාරැජින ගේ අනුමැතිය

Mohamed Dilsad

නයිජීරියාවේ දේවස්ථානයකට ප්‍රහාරයක් : 50 දෙනෙක් මරුට

Mohamed Dilsad

Leave a Comment