විදෙස්

ට්‍රම්ප් පරාජය පිළිගනී – ජෝ බයිඩ්න් අමාත්‍ය මණ්ඩලය නම් කරයි

(UTV | ඇමරිකාව) – ඇමරිකාවේ මීළඟ ජනාධිපතිවරයා වන ජෝ බයිඩ්න් ඔහුගේ අමාත්‍ය මණ්ඩලය නම් කර ඇත.

ඒ අනුව රාජ්‍ය ලේකම්වරයා ලෙස ඇන්ටනි බ්ලින්කන් ද , කාළගුණ නියෝජිතයා ලෙස හිටපු රාජ්‍ය ලේකම්වරයෙකු වන ජෝන් කෙරී ද,ජාතික ආරක්ෂක උපදේශක ලෙස ඇව්රිල් හයින්ස් මහත්මිය ද පත් කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

ඇය එම තනතුර සඳහා පත්වූ පළමු කාන්තාවද වෙයි.

අමෙරිකානු වාර්තා පවසන්නේ භාණ්ඩාගාර ලේකම් ධුරයද කාන්තාවකටම හිමිවනු ඇති බවයි. ඒ අනුව ජැනට් යෙලන් මහත්මිය එම තනතුරට පත් කෙරෙනු ඇති බව සඳහන්.

මේ අතර ජෝ බයිඩ්න්ට ජනාධිපති ධුරය භාර ගැනීම සඳහා නිල බල හුවමාරුවකට ඉඩදීමට සූදානම් බව ඇමෙරිකාවේ වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කර ඇත.

මෙය සැළකෙන්නේ ඔහු විසින් සිය පරාජය නිල වශයෙන් පිළිගත් පළමු අවස්ථාව ලෙසටයි.

ඒ අනුව ලබන ජනවාරි 20 වනදා බයිඩ්න්ගේ දිවුරුම්දීමේ උත්සවයට අදාළව මෙතෙක් ඇණහිට තිබූ ඇතැම් කටයුතු නිසි පරිදි ක්‍රියාත්මක කිරීමටද අවස්ථාව හිමිවෙයි.

 

Related posts

ප්‍රංශය සහ මැලේසියාව තාවකාලිකව වසා දැමෙයි

Mohamed Dilsad

2019 ලෝක රූ රැජිණ තරගාවලියේ ජය ජැමෙයිකාවට

Mohamed Dilsad

හමුදා ගුවන් යානයක් අනතුරට.16 ක් මරුට

Mohamed Dilsad

Leave a Comment