ප්‍රමුඛ පුවත 1

වැටුප් විෂමතා කමිටුව අද සිට රාජකාරී අරඹයි

(UTV| කොළඹ) – රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා නිවැරැදි කිරීම සහ රාජ්‍ය සේවය තුළ පවතින වැටුප් හා සම්බන්ධ ගැටළු නිවැරැදි කිරීම වෙනුවෙන් පත්කරන ලද විශේෂ කොමිසම සිය රාජකාරී කටයුතු අද සිට ආරම්භ කිරීමට නියමිතය.

ශ්‍රී ලංකා පරිපාලන ආයතන ගොඩනැගිල්ලේදී සිය රාජකාරී කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව එම කොමිසම පවසයි.

සමාජිකයින් 15 දෙනෙකුගෙන් යුත් කොමිසමේ සභාපතිවරයා ලෙස එස්. රනුග්ගේ මහතා කටයුතු කරයි.එහි ලේකම් ධූරය සදහා එච්.ජී. සුමනසිංහ මහතා පත් කර තිබේ.

අගෝස්තු 20 වනදා සිට මාස 02ක කාලයක් සඳහා මෙම කොමිසම පත් කර ඇති අතර එම කාලය තුළ රාජ්‍ය සේවයේ වැටුප් ගැටළුව විසදීම සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් කිරිමට නියමිත අතර ඒ අනුව මේ මස අවසානයේ දී එම කොමිසම විසින් මූලික වාර්තාවක් ජනාධිපතිවරයා වෙත බාරදීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මෙරට තොරතුරු දැනගැනීමේ නීතිය ලෝකයේ තුන්වැනි තැනට

Mohamed Dilsad

ජනාධිපතිවරයා බංග්ලාදේශය බලා පිටිත්විමට සුදානම්

Mohamed Dilsad

නවීන් දිසානායක ගැන නියෝජ්‍ය කතානායකගෙන් පැමිණිල්ලක්

Mohamed Dilsad

Leave a Comment