ප්‍රමුඛ පුවත 1

ජනාධිපතිවරයා බංග්ලාදේශය බලා පිටිත්විමට සුදානම්

(උදයම්,කොළඹ)   –   රාජ්‍ය සංචාරයක් සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම මස 13 වනදා බංග්ලාදේශය බලා පිටිත්විමට නියමිතය.

ජනාධිපති ධුරයට පත්විමෙන් අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බංග්ලාදේශයේ සංචාරයක නිරත වන පළමු අවස්ථාව මෙයයි.

දෙදිනක් එරට  රැදී සිටින ජනාධිපතිවරයා එහිදී බංග්ලාදේශ අග්‍රමාත්‍ය ශෙයික් හසීනා මහත්මිය මුණගැසී සාකච්ඡා කරණු ඇත.

ජනාධිපතිවරයා බංග්ලාදේශ සෞඛ්‍ය අමාත්‍යවරයා සහ තවත් මැති ඇමතිවරුන් කිහිප දෙනෙකු මුණගැසී සාකච්ඡා කිරිමට නියමිතය.

මීට අමතරව මෙම සංචාරය තුළ දී ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර අවබෝධතා ගිවිසුම් කිහිපයකට ද අත්සන් තැබීමට නියමිත බව වාර්තා වේ.

Related posts

පනත් දෙකකට කථානායකගෙන් අත්සන්

Mohamed Dilsad

මගී ප්‍රවාහන බස්රථ සඳහා පනවන දඩය ඉහලට.

Mohamed Dilsad

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන ඉහළට

Mohamed Dilsad

Leave a Comment