ප්‍රමුඛ පුවත 1

මගී ප්‍රවාහන බස්රථ සඳහා පනවන දඩය ඉහලට.

(UTV| කොළඹ) – බලපත්‍ර රහිතව ධාවන කෙරෙන අන්තර් පළාත් මගී ප්‍රවාහන බස්රථ සඳහා පනවන දඩය රුපියල් ලක්ෂ පහ දක්වා වැඩි කිරීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.

ජාතික ගමනාගමන කොමිසම් සභාවේ සභාපති ජනක මල්ලිමාරච්චි මහතා පැවසුවේ ප්‍රවාහන අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ මූලිකත්වයෙන් පැවැති සාකච්ඡාවකදී මේ සම්බන්ධයෙන් කරුණු දැක්වුණු බවයි.

“දැනට අන්තර් පළාත් මාර්ග බලපත්‍ර රහිතව බස් රථ 200 ක් පමණ ධාවනය කෙරෙනවා. එම තත්ත්වය තවදුරටත් ඉහළ යන බව පෙනෙන්නට තියෙනවා. මේ ආකාරයෙන් බලපත්‍ර රහිතව මගී බස් රථ ධාවනයට යෙදවීම බලපත්‍ර සහිතව ධාවනයේ යෙදෙන බස් කර්මාන්තකරුවන්ට විශාල අසාධාරණයක් සිදු වන්නක්.

ඔවුන් රජය වෙත ගෙවියයුතු සියලු බදු මුදල් ගෙවා නියමිත ගමන් වාරයේදී පමණක් බස් රථ ධාවනය කරනවා. ඒත් බලපත්‍ර රහිත බස් ධාවකයින් නියමිත වේලාවන් නොමැතිව බස් ධාවනය කරනවා. එයින් මාර්ගයේදී බස්කරුවන් අතරම ගැටුම් ඇති වෙනවා.

මේක විශාල අසාධාරණයක්. බලපත්‍ර සහිත බස් ධාවකයින්ට ඔවුන්ගෙන් පැමිණිලි විශාල සංඛ්‍යාවක් ලැබිල තියෙනවා. මේ ගැන ඒ නිසා දැනට තියෙන දෙලක්ෂ පනස්දහසක දඩය රුපියල් ලක්ෂ 05 දක්වා වැය කිරීම කාලෝචිත ක්‍රියාවක් බව පෙනෙන්නට තියෙනවා ” යැයි ජනක මල්ලිමාරච්චි මහතා වැඩිදුරටත් කියා සිටියේය.

ඉදිරියේදී අදාළ තීරණය අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ජාතික ප්‍රවාහන පණතට සංශෝධනයකින් නීතිගත කිරීමට කටයුතු කිරීමටද අපේක්ෂා කෙරේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නීතිවිරෝධී ලෙස විදේශගතවීමට රැදී සිටි පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

කොවිඩ් 19 ආසාදිත පිරිස 1749 දක්වා ඉහළ යයි

Mohamed Dilsad

අගමැතිට සහ දයා ගමගේට ජනපති කොමිසමට පෙනී සිටින්නැයි නියෝග

Mohamed Dilsad

Leave a Comment