Trending News

පෞද්ගලික විශ්ව විද්‍යාල ගැටලූවට ජනපතිගෙන් ඵලදායී තීන්දුවක්

(උදයම්,කොළඹ) –  මාළබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ඇතුළු පෞද්ගලික විශ්ව විද්‍යාල පිළිබද මතුව ඇති ගැටලූවට සියලූදෙනා සමග සාකච්ඡා කර රටට වැදගත් සහ ඵලදායී තීන්දුවකට එළැඹිමට අපේක්ෂා කරන බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසයි.
ජනාධිපතිවරයා මේ බව ප‍්‍රකාශ කළේ මාළඹේ සයිටම් ආයතනය මුල් කර ගනිමින් ශී‍්‍ර ලංකාවේ පෞද්ගලික විශ්ව විද්‍යාල සම්බන්ධයෙන් මතුව ඇති ගැටලූව පිළිබද සාකච්ජා කිරීමට සයිටම් ආයතනයේ සිසුන්ගේ දෙමාපිය සංසදය සහ වෛද්‍ය නෙවිල් ප‍්‍රනාන්දු මහතා ඇතුළු පිරිස සමග ඊයේ (20) රාති‍්‍රයේ ජනාධිපති නිල නිවසේ පැවති සාකච්ජාවේදී ය.
වෛද්‍ය නෙවිල් ප‍්‍රනාන්දු මහතා මෙන්ම දෙමාපිය සංසදයේ කිහිප දෙනෙකු ද මෙහිදී අදහස් දැක්වූ අතර ශිෂ්‍ය නියෝජිතයින් ද තම අදහස් හා යෝජනා ඉදිරිපත් කළහ.මෙම ගැටලූව විසදීමේදී සියලූ පාර්ශවයන් ඉදිරිපත් කරන අදහස් ඉතාමත් අවධානයෙන් සැළකිල්ලට ගන්නා බව ප‍්‍රකාශ කළ ජනාධිපතිතුමා විශේෂයෙන් එහිදි ශී‍්‍ර ලාංකේය ශිෂ්‍ය ප‍්‍රජාවගේ අදහස් පිළිබද විශේෂ අවධානයක් යොමු කරන බව කියා සිටියේය.

තමන් මේ වන විටත් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය, දන්ත වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සහ විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගම් නියෝජිතයින් සමග ද මේ පිළිබ`ද සාකච්ඡා වට කිහිපයක් පවත්වා ඇති බව සදහන් කළ ජනාධිපතිතුමා ඉදිරියේදී විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසන් සභාව සමග මෙන්ම වෛද්‍ය සභාව සමග ද සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බව පැවසීය.

Related posts

Maldivians arrested in Sri Lanka released

Mohamed Dilsad

අද දිනයට අදාළ විදුලි කප්පාදු කාලසටහන නිකුත් කෙරේ

Mohamed Dilsad

China asks N Korea to stop missile tests

Mohamed Dilsad

Leave a Comment