ප්‍රමුඛ පුවත 1

පාලන මිල නොතකා සහල් වික්ක වෙළෙඳුන් 52 කට වැඩ වැරදී

(උදයම්,කොළඹ)  – වැඩි මිලට සහල් විකුණන ස්ථාන සොයා ඊයේ (20) දිනයේ වැටලීම් 137ක් සිදුකළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්යෙ රිෂාඩ් බදුයිදීන් මහතා කියා සිටියේ අහඹු ලෙස තෝරගාත් ස්ථානයන් හා සහල් වැඩිමිලට විකුණන බවට පාරිභෝගිකයන්ගෙන් ලැබෙන පැමිණිලි අනුව පාරිභෝගික අධිකාරිය මෙම වැටලීම් සිදු කල බවයි.

එලෙස කරන ලද වැටලීම් 137ක් අතරින් වැඩි මිලට සහල් විකුණූ ස්ථාන 52ක් හඳුනාගත් බවත්, එම පුද්ගලයන්ට හා ව්‍යාපාරික ස්ථානවලට එරෙහිව කඩිනමින් නීතිමය පියවර ගන්නා බවත් අමාත්‍යවරයා පැවසීය.

මෙම  වැටලීම් අතිරින් වැඩිම වැටලීම් සංඛ්‍යාවක් සිදුකර ඇත්තේ කොළඹ දිස්ත්‍රීක්කයෙනි.එම සංඛ්‍යාව 13කි.

මහනුවර දිස්ත්‍රීක්කයෙන් වැටලීම් 12ක්, කුරුණෑගල දිස්ත්‍රීක්කයේ වැටලීම් 10ක්, අනුරාධපුර දිස්ත්‍රීක්කයේ වැටලීම් 08ක් හා වවුනියාව දිස්ත්‍රීක්කයේ වැටලීම් 07ක් හා පොළොන්නරුව හා කෑගල්ල දිස්ත්‍රීක්කයන්හි   වැටලීම් 06ක් බැගින් සිදුකර ඇති බව ද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

Related posts

තැපැල් වෘත්තීය සමිති 28 ක නියෝජිතයන් විශේෂ සාකච්ඡාවක

Mohamed Dilsad

අතුරු සම්මත ගිණුම වැඩි ඡන්දයෙන් සම්මතයි

Mohamed Dilsad

ශ්‍රී.ල.නි.ප සහ පොදු ජන පෙරමුණේ දෙවන නිල සාකච්ඡා ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment