විදෙස්

සිම්බාබ්වේ නව ජනාධිපති දිවුරුම් දීම කල් යයි

(UTV|සිම්බාබ්වේ) – ජයගත් එමසන් මනගග්වා සිම්බාබ්වේ නව ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීම තාවකාලිකව අත්හිටුවයි.

හෙට(12) දිනයට නියමිතව තිබූ දිවුරුම් දීමේ කටයුතු මෙලෙස අත්හිටුවා ඇති බව සඳහන් ය.

පැවැති මැතිවරණයේ ප්‍රතිවාදී අපේක්ෂකයා වූ නෙල්සන් කැමිසා විසින් මැතිවරණය දූෂිත බව පවසමින් එරට අධිකරණයට ඡන්ද පෙත්සමක් ඉදිරිපත් කිරීම හේතුවෙන් මෙලෙස දිවුරුම් දීමේ කටයුතු තාවකාලිකව අත්හිටුවා ඇති බවයි.

පසුගිය ජුලි 30 වන දා පැවැති මැතිවරණයෙදී දැවැන්ත දූෂණ සහ අක්‍රමිකතා සිදු වූ බවට තමන් සතුව සාක්ෂි පවතින බව, නෙල්සන් කැමිසාගේ නායකත්වයෙන් යුත් ප්‍රජාතන්ත්‍රවාදී වෙනසක් සඳහා වූ ජාතික ව්‍යාපාරය හෙවත් DMC පක්ෂය චෝදනා කළේ ය.

පසුගියදා පැවති මැතිවරණයෙන් එමසන් මනගග්වා 50.8 % ක ඡන්ද ප්‍රතිශතයක් දිනා ගත් අතර නෙල්සන් කැමිසා විසින් දිනා ගත්තේ 44.3% ක ඡන්ද ප්‍රතිශතයක් පමණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

උතුරු කොරියාවෙන්, ඉරානයට න්‍යෂ්ටික අවි….?

Editor O

ඇමෙරිකාවේ ප්‍රාන්ත 50 ක් හදිසි තත්ත්වයක් ලෙස ප්‍රකාශයට

Mohamed Dilsad

ඉන්දියාවේ කොරෝනා එන්නත් අර්බුදය හමුවේ කොවැක්ස් වැඩපිළිවෙලටද බාධා

Mohamed Dilsad

Leave a Comment