ප්‍රමුඛ පුවත 1

ජනපති සහ තායිලන්ත අගමැති ඓතිහාසික දළදා සමිඳුන් වැඳ පුදා ගනී

(UTV| කොළඹ) – ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ආරාධනය පරිදි මෙරට දෙදින නිල සංචාරයක නිරත තායිලන්ත අග‍්‍රාමාත්‍ය ප‍්‍රයුත් චාන්  ඕ චා මහතා සහ ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ඊයේ (13) මහනුවර ඓතිහාසික දළදා සමිඳුන් වැඳ පුදා ගත්තේය.

දළදා සමිඳුන් වැඳපුදාගෙන ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව ඓතිහාසික දළදා මාළිගා පරිශ‍්‍රයේ ඇති ලෝක බෞද්ධ කෞතුකාගාරය නැරඹීමට ද නායක දෙපළ එක්විය.

ථේරවාදී බුදු දහමින් පෝෂණය වූ රටවල් ලෙස දෙරටේ ඓතිහාසික බෞද්ධ සබැඳියාව සිහිපත් කරමින් නායකයින් එම ඓතිහාසික මතක සටහන් නරඹනු ලැබීය.

අනතුරුව ජනාධිපතිතුමා සහ තායිලන්ත අග‍්‍රාමාත්‍යතුමා මල්වතු, අස්ගිරි මහ නා හිමිවරුන් ද බැහැ දුටුවේය.

මහා නා හිමිවරුන් සෙත් පිරිත් සජ්ජායනා කර නායක දෙපළ වෙත සිය ආශිර්වාද පළ කළහ.

ශ‍්‍රී ලංකාවේ සංචාරයකට එක්වෙමින් දෙරටේ බෞද්ධ උරුමය සහ සුවිශේෂි සබැඳියාව පිළිබඳ අවබෝධයක් ලබාගැනීමට හැකිවීම පිළිබඳ මෙහිදී තායිලන්ත අග‍්‍රාමාත්‍යවරයා සිය සතුට පළ කළේය.

එමෙන්ම සිය සංචාරය තුළදී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ඇතුළු රජය දැක්වූ ඉහළ පිළිගැනීම සහ ආගන්තුක සත්කාර පිළිබඳව ද සිය ස්තූතිය පිරිනැමීය.

ශ‍්‍රී ලංකාවේ ජනවාර්ගික ගැටලූව සඳහා විසඳුම් සෙවීමේදී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා තුළ ඇති කැපවීම සහ සුවිශේෂී හැකියාව ද මෙහිදී තායිලන්ත අග‍්‍රාමාත්‍යවරයා මහා නා හිමිවරුන් ඉදිරියේ ඇගයීමට ලක් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

විජයකලා ඉල්ලා අස්වීමට තීරණය කරයි

Mohamed Dilsad

මහනුවර ආරක්ෂිතයි – ඇදිරිනීතිය නොපැනවෙයි- පොලිසිය කියයි

Mohamed Dilsad

සුළු හා මධ්‍යම ව්‍යවසායකයින් සඳහා ප්‍රථමවරට ඉලෙක්ට්‍රොනික දත්ත පද්ධතියක්

Mohamed Dilsad

Leave a Comment