විදෙස්

ශෂිකලා නටරාජන්ට වසර 4 ක සිර දඩුවම්

(උදයම්,ඉන්දියා) – තමිල්නාඩු මහ ඇමති ධුර අපේක්ෂිකා  ශෂිකලා නටරාජන්ට වසර 4ක සිර දඩුවම් නියම වෙයි.

දුෂණ චෝදනා සම්බන්ධයෙන් වූ නඩුව අද පෙරවරුවේ ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයේදී  විභාගයට ගැනීමෙන් අනතුරුව ඇය එම චෝදනා වලට වරදකරුවී තිබේ.

අයථා ලෙස මුදල් ඉපයීම සම්බන්ධයෙන් වන චෝදනාවලට ඇය මෙලෙස වරදකාරිය වී තිබේ.

මෙම තීන්දුවත් සමඟ ඇයට තමිල්නාඩු මහඇමති ධුරයට පත්වීමට අවස්ථාවක් නොලැබෙන අතර , වසර 10ක් යන තුරු මැතිවරණ සඳහා  ඉදිරිපත්වීමට ද අවස්ථාව හිමි  වන්නේ නැත.

මේ අනුව ශෂිකලා නටරාජන්ට වහාම අධිකරණයට භාරවීමට ද සිදුවේ.

Related posts

දකුණු ඉන්දියාවට භූ කම්පනයකින් බලපෑම්

Mohamed Dilsad

ගොඩනැගිල්ලක් කඩාවැටීමෙන් පස්දෙනෙකු මරුට

Mohamed Dilsad

ජොකෝ විඩෝඩෝ යලි ඉන්දුනීසියාවේ ජනාධිපති ධුරයට.

Mohamed Dilsad

Leave a Comment