ප්‍රමුඛ පුවත 1

අතුල් කේශප් මහතා ගෝඨාභය ගැන ඇසු කතා

(UTV| කොළඹ) – සිය නිල කාලය අවසන් කර සිටින ශ‍්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති අතුල් කේශප් මහතා පසුගියදා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඔහුගේ නිල නිවසේදී හමුවී ඇත.

මෙහිදී අමෙරිකානු තානාපතිවරයා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සම්බන්ධයෙන් ද මහින්ද රාජපක්ෂ මහතාගෙන් විමසීමක් කර තිබේ.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන්, තානාපතිවරයා මහින්ද රාජපක්ෂ මහතාගෙන් විමසා ඇති බව වාර්තා විය.

මෙහිදී ඔහු ජනප‍්‍රියත්වයක් නොමැති පුද්ගලයෙකුදැයිද,ඔහු ජනතාව කෙරෙහි බියක් දක්වන්නේ ද යන්න තානාපතිවරයා විසින් එහිදී විමසා ඇත.

මෙම ප්‍රශ්න වලට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ලබා දුන් පිළිතුර සම්බන්ධයෙන් වාර්තා නොවේ.

මේ අතර සිය නිල කාලය අවසන් කර දිවයිනෙන් නික්ම යාමට නියමිත ශ‍්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති අතුල් කේශප්, ඉකුත්දා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ද මුණගැසී තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හෙට (15) රාත්‍රියේ වත්තල ධාවනයට සීමා..

Mohamed Dilsad

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂවල නායකයින්ගේ හමුවක් අද

Mohamed Dilsad

කොරෝනා රෝගයෙන් සුවය ලැබූ පිරිස 104 දක්වා ඉහළට

Mohamed Dilsad

Leave a Comment