ප්‍රමුඛ පුවත 1

හෙට (15) රාත්‍රියේ වත්තල ධාවනයට සීමා..

හෙට (15) දින රාත්‍රී 7.00 ට ආරම්භ වීමට නියමිත වත්තල හැඳල පුරාණ විහරස්ථානයේ ශ්‍රී සම්බුද්ධ ජයන්ති පෙරහැර හේතුවෙන් මාර්ග කිහිපයක රථ වාහන, පසු දින අලුයම දක්වා සීමා කිරීමට සිදු වන බව පොලිසිය කියයි.

පෙරහැර හැඳල පුරාණ විහාරස්ථානයෙන් ආරම්භ කර හැඳල හංදිය – මීගමු කොළඹ ප්‍රධාන මාර්ගයේ අල්විස් ටවුන් හංදිය – අල්විස් ටවුන් හංදියෙන් හැරී ටවුන් පාර ඔස්සේ ඇළකන්ද හැඳල මාර්ගයෙන් නැවත හැඳල පන්සල දක්වා ගමන් කිරීමට නියමිතය.

පෙරහැර ඉහත මාර්ගයේ ගමන් ගන්නා අවස්ථාවන්හි දී එම මාර්ගවල රථ වාහන සීමා කිරීමට සිදු වන අතර විකල්ප මාර්ග භාවිතා කිරීමට කටයුතු කරන ලෙස පොලිසිය පවසයි.

Related posts

ග්‍රීන් කැබින් කොල්ලුපිටියේ ශාඛාව සමු ගනී

Mohamed Dilsad

සයිටම් ගැටලුවට සාධාරණ විසදුමක් දෙන බවට ජනපතිගෙන් GMOAට පොරොන්දුවක්

Mohamed Dilsad

සාමාන්‍ය පෙළ විභාගය අදින් අවසන් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment