විදෙස්

හවායි ගිනි කන්ද සෙලවෙයි

(UTV|හවායි දුපත) – හවායි දුපතේ පිහිටි “කිලෙආයු” ගිනිකන්ද සක්‍රිය වෙයි.

ඒ සමග භූකම්පන කිහිපයක් සිදුව ඇති බව ඇමෙරිකානු භූවිද්‍යා කාර්යාංශය සදහන් කරයි.
ඉන් ප්‍රබලතම භූකම්පනය ලෙස රිචිටර් ඒකක 6.9 ක අගයකින් සටහන් වී ඇති බව විදෙස් වාර්තාවල දැක්වේ.

මේ වන විටත් හවායි බිග් අයිලන්ඩ් දුපතේ පදිංචිව සිටින පුද්ගලයින් 2000 කට අධික පිරිසක් ආරක්‍ෂිත ස්ථාන කරා රැගෙන යාමට බලධාරීන් පියවර ගෙන තිබේ.

ඇතැම් ස්ථාන වල භුමිය දෙකට පැලී ඒ හරහා ලාවා පිටට ගලා එන අතර ඇතැම් ස්ථාන වල පිපිරීම් සමග මිටර් 30 ක් පමණ ඉහල අහසට ලාවා විදින අයුරු දුටු බව එරට ආපදා සහන නිලධාරීන් සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කොරෝනා වෛරසයේ ආරම්භය ගැන හෙළිදරව්වක්

Mohamed Dilsad

ඇෆ්ගනිස්ථානය සහ තලෙයිබාන්වරුන් අතර සිරකරුවන් හුවමාරුවක්

Mohamed Dilsad

හමාස් නායකයා ගේ නිවාස වටලයි

Mohamed Dilsad

Leave a Comment