විදෙස්

කොරෝනා වෛරසයේ ආරම්භය ගැන හෙළිදරව්වක්

(UTV | චීනය) – කොරෝනා වෛරසය චීනයෙන් මතු නොවූ බව පැවසීම බෙහෙවින් කාල්පනික තත්ත්වයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ සභාපතිවරයා පවසයි.

එහි හදිසි සේවා අංශ ප්‍රධානී වෛද්‍ය මයික් රයන් ජිනීවා නුවරදී ඊයේ ප්‍රකාශ කළේ සිය පර්යේෂකයන් වූහාන් නුවරට මුලින් යවනු ලැබුවේ වෛරසය මුලින්ම මිනිසුන්ට ආසාදනය වීම චීනයෙන් වාර්තා වූ නිසා බවයි.

කෙසේ නමුත්, චීන රාජ්‍ය මාධ්‍ය විසින් කොරෝනා වෛරසය ලොව වෙනත් රටවලද කලින් පැවති බවට මතයක් ගොඩනගමින් සිටින බව පසුගිය කාලයේ වාර්තා විය.

මීට අමතරව , අද උදෑසනින් අවසන් වූ පැය 24 තුළ තවත් කොරෝනා ආසාදිතයන් 41,810 ක් වාර්තා වීමත් සමඟ ඉන්දියාවේ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 9,392,919 දක්වා ඉහළ ගොස් ඇති බව බන්දීය මාධ්‍ය වාර්තා පවසයි.

ඊයේ දිනය තුළ ඉන්දියාවේ වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කේරළ ප්‍රාන්තයෙන්.

 

 

Related posts

පාකිස්තානයේ දුම්රිය දෙකක් ගැටෙයි – පුද්ගලයින් 30 කට දිවි අහිමියි

Mohamed Dilsad

ඩ්‍රෝන් යානයක් හේතුවෙන් හීතෲ ගුවන් තොටුපළ පැයකට වැසෙයි…

Mohamed Dilsad

ඩිමොක්‍රටික් නායකයින්ගේ සාකච්ඡා අතරතුර ට්‍රම්ප් නැගිට යයි…

Mohamed Dilsad

Leave a Comment