ප්‍රමුඛ පුවත 1

අවුරුදු සමයේ රතිඤ්ඤා භාවිතයේදී සැලකිලිමත් වන්නැයි උපදෙස්

(UTV| කොළඹ) – රතිඤ්ඤා පිපිරෙන අසල සිටීමෙන් කර්ණ ස්නායු විනාශ විය හැකි බවත් ඒ හේතුවෙන් සදාකාලිකව බිහිරි තත්ත්වයට පත්වීමට පවා ඉඩ අවස්ථාව ඇතැයි ජාතික රෝහලේ උගුර කන හා නාසය පිළිබඳ විශේෂඥ වෛද්‍ය චන්ද්‍රා ජයසූරිය මහත්මිය පවසයි.
රතිඤ්ඤා පිපිරීම හරහා ඇතිවන අධික ශබ්දය හේතුවෙන් කන් අඩිය පිපිරීම සිදුවිය හැකි අතර අධික ශබ්දය හේතුවෙන් කන් ඇසීම සති කිහිපයක් නැතිවීම හෝ සදාකාලික බිහිරි තත්ත්යට පත්වීමට ඇති අවස්ථාව වැඩි බවද වෛද්‍යවරිය පැවසුවාය.
එමෙන් ම මිනිසුන්ට මෙන් නිවෙස් හි ඇතිකරනු ලබන සුරතල් සතුන්ට මෙම අධික ශබ්දය දරා ගැනීමට නොහැකිවීම හේතුවෙන් සතුන් නිවෙස්වෙතින් ඈත්විය හැකි බවත් ඒ මහත්මිය වැඩිදුරටත් පෙන්වා දෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ඉන්දු- ශ්‍රී ලංකා යෝජිත නව ආර්ථික හා තාක්ෂණික ගිවිසුම් ගැන අගමැති සාකච්ඡා වල

Mohamed Dilsad

ඒකාබද්ධ විපක්ෂය සහ එ.ජා.ප ය නියෝජනය කළ ප‍්‍රබලයින් ජනපති හා එක්වෙයි

Mohamed Dilsad

කොළඹ පුරහල අවට දැඩි වාහන තදබදයක්..

Mohamed Dilsad

Leave a Comment