ප්‍රමුඛ පුවත 1

ජනපති ලබන සතියේ ලන්ඩන් යයි

(UTV| කොළඹ) – පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවට සහභාගීවිම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලබන සතියේ එක්සත් රාජධානීයේ සංචාරයක නිරත වීමට නියමිතව තිබේ.

අප්‍රේල් 16 – 20 වන දින දක්වා පැවැත්වෙන රාජ්‍ය නායකයින්ගේ සමුළුවට පොදු රාජ්‍ය මණ්ඩලයීය සාමාජික රටවල් 53හි රාජ්‍ය නායකයින් සහභාගී වන බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය.
ලන්ඩන් නුවරදී පැවැත්වෙන සමුළුවේ මෙවර තේමාව වන්නේ “පොදු අනාගතයන් උදෙසා”යන්නයි.
ජනාධිපතිවරයා රාජ්‍ය නායක සමුළුවට අමතරව පොදු රාජ්‍ය මණ්ඩලයීය ව්‍යාපාරික සංසදයේ ප්‍රධාන දේශකයා ලෙස ද සහභාගී වන බව ශ්‍රී ලංකා විදේශ සේවා කටයුතු අමාත්‍යාංශය සදහන් කළේය.
එම සංචාරය සඳහා විදේශක කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා ඇතුළු නියෝජිත පිරිසක් සහභාගීවිමට නියමිතයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නැගෙනහිරට සහ උතුරට නව ආණ්ඩුකාරවරුන් දෙදෙනෙක් [VIDEO]

Mohamed Dilsad

තාවකාලිකව ඇඳිරි නීතිය ඉවත් කළ ප්‍රදේශවලට යළිත් ඇඳිරි නීතිය

Mohamed Dilsad

මෙරට කසල ආනයනයට එරෙහිව ඇති රිට් පෙත්සමේ තීන්දුව අද

Mohamed Dilsad

Leave a Comment