ප්‍රමුඛ පුවත 1

යුරෝපා පාර්ලිමේන්තු නියෝජිතයින් කණ්ඩායමක් දිවයිනට

(UTV| කොළඹ) – යුරෝපා පාර්ලිමේන්තුවේ සියළු පක්ෂ නියෝජනය කරන ඉහළ පෙළේ නියෝජිත කණ්ඩායමක් දිවයිනට පැමිණීමට නියමිතය.

ඔවුන් හෙට (04) දිනයේ දිවයිනට පැමිණීමට නියමිත අතර අප්‍රේල් 06 වන දා දක්වා මෙරට රැදීසිටීමට නියමිතය.

යුරෝපා පාර්ලිමේන්තුවේ ජාත්‍යන්තර වෙළඳාම පිළිබද කමිටුවේ සාමාජිකයන් ඊට ඇතුළත් වන අතර, එහි දකුණු ආසියාව පිළිබද විශේෂ නියෝජිතයා ද ඒ අතර සිටින බව කොළඹ යුරෝපා සංගම් නියෝජිත කාර්යාලය සඳහන් කළේය.

ඔවුන්ගේ චාරිකාවේ ප්‍රධාන අරමුණක් වන්නේ GSP+ තීරු බදු සහනය, ශ්‍රී ලංකාවට නැවත ලබාදීමේ ප්‍රතිඵල ඇගයීමය.

යුරෝපා සංගමය සහ ශ්‍රී ලංකාව අතර සබඳතා වර්ධනය කර ගැනීමට පවතින අභියෝගයන් පිළිබද සංවාදය අඛණ්ඩව පවත්වා ගැනීම ද එහි අරමුණක් බව යුරෝපා සංගම් නියෝජිත කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නව අපනයන කරුවන් 2000 සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහන වවුනියාවේදී

Mohamed Dilsad

මෙවර ඡන්දය දීමට එක් කෝටි 60 ලක්ෂයකට සුදුසුකම්

Mohamed Dilsad

පේදුරුතුඩුව පොලිස් වෙඩි ප්‍රහාරයෙන් මිය ගිය තරුණයාගේ අවසන් කටයුතු අද .ප්‍රදේශයට විශේෂ පොලිස් ආරක්ෂාවක්

Mohamed Dilsad

Leave a Comment