ප්‍රමුඛ පුවත 1

මෙවර ඡන්දය දීමට එක් කෝටි 60 ලක්ෂයකට සුදුසුකම්

(UTV| කොළඹ) – එළඹෙන ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට එක් කෝටි 60 ලක්ෂයකට ආසන්න පිරිසක් සුදුසුකම් ලබා ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි. 

2018 ඡන්ද හිමි නාමලේඛනය අනුව එක් කෝටි 59 ලක්ෂ 92 දහස් 96 දෙනෙකු ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා ඇති අතර , ඒ අනුව අලුතින් ඡන්ද දායකයන් දෙලක්ෂ 31 දහස් 229 දෙනෙකු මෙවර ලියාපදිංචි වී ඇති බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා අවධාරණය කරයි.

මහින්ද දේශප්‍රිය මහතා මේ බව කියා සිටියේ මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග අද පෙරවරුවේ පැවති සාකච්ඡාවකදීයි.

කෙසේ වෙතත් 2015 ජනාධිපතිවරණය හා සැසඳීමේදී ජනාධිපතිවරණයකට පළමුවරට ඡන්දය ප්‍රකාශකරන පිරිස ලක්ෂ 09 කට ආසන්න විය හැකි බව ද මෙහිදී ප්‍රකාශ කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

විශේෂඥ වෛද්‍යවරුන්ගේ ආදායම් බදු ප්‍රතිශතයේ වෙනසක් නෑ – මුදල් ඇමති

Mohamed Dilsad

සිමෙන්ති සදහා උපරිම මිලක් සදහන් කරමින් ගැසට් නිවේදනයක්

Mohamed Dilsad

අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ නව ලේකම්තුමිය වැඩ භාර ගනී

Mohamed Dilsad

Leave a Comment