ප්‍රමුඛ පුවත 1

සිමෙන්ති සදහා උපරිම මිලක් සදහන් කරමින් ගැසට් නිවේදනයක්

(UTV | කොළඹ) – සිමෙන්ති සඳහා වන උපරිම සිල්ලර මිල සදහන් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ශාන්ත දිසානායක මහතාගේ අත්සනින් යුතුව අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

ඒ අනුව මෙරට නිෂ්පාදිත සිමෙන්ති කිලෝග්‍රෑම් 50ක ඇසුරුමක් සඳහා වන උපරිම සිල්ලර මිල රුපියල් 1005ක් ලෙස සඳහන් කර ඇත.
සිමෙන්ති කුඩු ලෙස ආනයනය කර මෙරට ඇසුරුම් ගත කරනු ලබන සිමෙන්ති කිලෝග්‍රෑම් 50ක ඇසුරුමෙහි උපරිම සිල්ලර මිල රුපියල් 950 කි.
ඇසුරුම්ගතව ආනයනය කරන සිමෙන්ති රුපියල් 930 ක උපරිම සිල්ලර මිලකට අලෙවි කළ යුතු බව අදාල චක්‍රලේඛයේ සදහන් වේ.

එමෙන්ම කිසියම් නිෂ්පාදකයෙකු, ආනයනකරුවෙකු, අසුරන්නෙකු, බෙදාහරින්නෙකු හෝ වෙළෙන්දෙකු විසින් උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිලට අලෙවි කිරීම, අලෙවිය සඳහා ඉදිරිපත් කිරීම සහ අලෙවිය සඳහා ප්‍රදර්ශනය කිරීම තහනම් වන බවත්  අදාල  ගැසට් නිවේදනය මඟින් සඳහන් කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අද මධ්‍යම රාත්‍රියේ සිට යලිත් දුම්රිය වර්ජනයක්

Mohamed Dilsad

වත්කම් බැරකම් නොදුන් අමාත්‍යවරුන්ට එරෙහිව පැමිණිලි

Mohamed Dilsad

පොසොන් උත්සවය නිමිත්තෙන් ප්‍රවාහන අමාත්‍යාංශයෙන් විශේෂ රථවාහන සේවාවක්

Mohamed Dilsad

Leave a Comment