ප්‍රමුඛ පුවත 1

විශේෂඥ වෛද්‍යවරුන්ගේ ආදායම් බදු ප්‍රතිශතයේ වෙනසක් නෑ – මුදල් ඇමති

(UTV| කොළඹ) – විශේෂඥ වෛද්‍යවරුන්ගේ ආදායම් බදු ප්‍රතිශතය අඩු කිරීමට තීරණයක් ගෙන නොමැති බව මුදල් අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව ඔවුන්ට පනවා තිබූ සියයට 24ක බදු ප්‍රතිශතය එලෙසම පවතින බව එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

දේශීය ආදායම් පනතට අනුව මෙතෙක් අය කරන බදු ප්‍රතිශතවල කිසිදු වෙනසක් සිදුනොකරන බව එම අමාත්‍යාංශය අවධාරණය කරයි.

සෞඛ්‍ය අමාත්‍යවරයා සහ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය, මුදල් අමාත්‍ය මංගල සමරවීර සමඟ පසුගිය සිකුරාදා පැවති සාකච්ඡාවේදී ආදායම් බදු ප්‍රතිශතයේ වෙනස්කමක් ගැන තීරණයක්  නොගත් බවද එම නිවේදනයේ දැක්වේ.

විශේෂඥ වෛද්‍යවරුන්ගේ බදු ගණනය කිරීමේ ක්‍රමවේදය අනුව යම් සහනයක් ලබාදීම කෙරෙහි පමණක් එහිදී එකඟතාවය පළ වූ බව මුදල් අමාත්‍යාංශය පැවසීය.

කෙසේ වෙතත්, සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ඊයේ කියා සිටියේ විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් අය කරන ආදායම් බද්ද සියයට 15 දක්වා අඩු කරන බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සවස් භාගයේ දිස්ත්‍රික්ක කීපයකට තද වැසි…

Mohamed Dilsad

අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය වර්ජනය ඇරඹේ

Mohamed Dilsad

පාර්ලිමේන්තුවේ කලහකාරී සිද්ධිය ගැන විමර්ශන කමිටුව අදත් රැස්වේ

Mohamed Dilsad

Leave a Comment