ප්‍රමුඛ පුවත 1

පේදුරුතුඩුව පොලිස් වෙඩි ප්‍රහාරයෙන් මිය ගිය තරුණයාගේ අවසන් කටයුතු අද .ප්‍රදේශයට විශේෂ පොලිස් ආරක්ෂාවක්

(උදයම්,යාපනය)   –  වෙඩි ප්‍රහාරය පපු ප්‍රදේශයට වැදීමෙන් හර්දවස්තුවට ලේ ගලායාම නිසා මරණය සිදුව ඇති බවට පේදුරුතුඩුව මනල්කාඩු ප්‍රදේශයේදී පොලිස් වෙඩි ප්‍රහාරයෙන් මිය ගිය තරුණයාගේ පස්චාත් මරණ පරික්ෂණය සිදු කරමින් යාපනය අධිකරණ වෛද්‍ය නිලධාරි එස්. මයුරධන් මහතා කියා සිටියේය.

යාපනය ශික්ෂණ රෝහලේදී ඊයේ (10) රාත්‍රියේ මනල්කාඩු ප්‍රදේශයේ මිය ගිය තරුණයා වූ 24 හැවිරිදි යෝගරාසා දිනේස් තරුණයාගේ පස්චාත් මරන පරික්ෂණ කටයුතු සිදු කිරීමෙන් අනතුරුව දේහය ඊයේ රාත්‍රියේම ඔහුගේ නිවස පිහිටි නෙල්ලියඩි ප්‍රදේශයට රැගෙන යන ලදි.

මේ අනුව අද (11) දහවල් නෙල්ලියඩි ප්‍රදේශයේ පිහිටි වේරුන්දම් සුසාන භූමියේදී මිය ගිය තරුණයාගේ අවසන් කටයුතු සිදු කිරීමට නියමිතව ඇත.

මේ අතර නෙල්ලියඩි ප්‍රදේශයට හා මනලකාඩු ප්‍රදේශයට අද දිනයේද පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් යොදවා ප්‍රදේශය සාමකාමි තත්වයක් ඇති කිරීමට පොලීසිය විසින් පියවර ගෙන තිබේ.

මනල්කාඩු ප්‍රදේශයේදී වෙඩි පහරින් මිය ගිය තරුණයා හා වෙඩි තැබීම සිදු කල පොලිස් නිලධාරීයාගේ නිවෙස් පිහිටා තිබෙන්නේද නෙල්ලියඩි නිසාවෙන් ඊයේ (09) දිනයේද ප්‍රදේශවාසීන් කලහකාරී අයුරින් හැසිරුණු අතරම අද දිනයේද එවැනි අවස්ථාවන් ඇති නොවීමට අවශ්‍ය ආරක්ෂාවක් පොලීසිය විසින් සපයා ඇති බව සඳහන්ය.

Related posts

ඥානසාර හිමියන් ජයවර්ධනපුර රෝහලට

Mohamed Dilsad

මිනුවන්ගොඩ කර්මාන්තශාලාවක සේවකයින් පිරිසක් රෝහලේ

Mohamed Dilsad

නාලක ද සිල්වා අදත් CID එයි

Mohamed Dilsad

Leave a Comment