ප්‍රමුඛ පුවත 1

ශ්‍රී පාද වන්දනා සමයේ විශේෂ දුම්රිය සේවා

(උදයම්,කොළඹ )  – ශ්‍රී පාද වන්දනා සමය ඉලක්ක කර ගනිමින් කොළඹ කොටුව සිට හැටන් දක්වා සහ හැටන් සිට කොළඹ කොටුව දක්වා පහත දිනයන්හිදී විශේෂ දුම්රියක් ධාවනය කරවන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

කොළඹින් පිටත්ව වන දුම්රි කොළඹ කොටුවෙන් ප.ව. 7.30ට පිටත්වී, අලුයම 00.56ට හැටන්වලට ළඟාවීමට නියමිතය.

කොළඹ කොටුව සිට හැටන් දක්වා

මේ මස 09, 10, 11, 17, 18, 23, 24 හා 25 යන දිනයන්හිදී

මාර්තු මස 03, 04, 10, 11, 12, 17, 18, 24, 25 හා 31 දිනයන්හිදී

අප්‍රේල් මස 01, 07, 08, 09, 10, 11, 16, 21, 22, 28, 29, හා 30 යන දිනයන්හිදී

මැයි මස 05, 06, 07, 08, 09 හා 10 යන දිනයන්හිදී

හැටන්වලින් ආරම්භ වන දුම්රිය පෙ.ව. 08.28ට හැටන්වලින් පිටත් වී ප.ව. 02.27ට කොළඹ කොටුවට ළඟාවීමට නියමිතය.

හැටන් සිට කොළඹ කොටුව දක්වා

මේ මස 10, 12, 18, 19, 24, 25 හා 26 දිනයන්හීදි

මාර්තු මස 04, 05, 11, 13, 18, 19, 25, හා 26 යන දිනයන්හිදී

අප්‍රේල් මස 01, 02, 08, 09, 10, 11, 17, 22, 23, 29, හා 30 යන දිනයන්හිදී

මැයි මස 01, 06, 07, 08, 09, 10 හා 11 යන දිනයන්හිදී

දුම්රියෙන් ශ්‍රී පාද වන්දනාවේ පැමිණෙන බැතිමතුන් සඳහා හැටන් දුම්රිය ස්ථානයේ සිට නල්ලතන්නිය දක්වා ලංගම බස් රථ සේවාවක්ද ක්‍රියාත්මක වෙන බවද දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

 

Related posts

අද සිට රියදුරු බලපත්‍ර ලබාදීමට ලිඛිත විභාගය පරිඝනක ආශ්‍රයෙන්

Mohamed Dilsad

ආණ්ඩු පක්ෂය නෑ – පක්ෂ නායක රැස්වීම අවසන්….

Mohamed Dilsad

විදෙස් පුහුණුවට විදුහල්පතිවරු 278ක් -අධ්‍යාපන ඇමති කියයි

Mohamed Dilsad

Leave a Comment