ප්‍රමුඛ පුවත 1

අද සිට ජාතික කොඩිය ඔසවා තබන්නැයි ඉල්ලීමක්

(උදයම්, කොළඹ) – 69 වන ජාතික නිදහස් දිනය නිමිත්තෙන් අද(1) සිට සතියක කාලයක් ජාතික කොඩිය ප්‍රදර්ශනය කරන ලෙස රජය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

විශේෂයෙන් නිවෙස් වල, වෙළෙඳ ව්‍යාපාර, රජයේ හා පෞද්ගලික කාර්යාල හා ආයතන මෙන්ම වාහන වල එලෙස සතියක කාලයක් ජාතික කොඩිය ප්‍රදර්ශනය කරන ලෙස ස්වදේශ කටයුතු අමාත්‍යංශය දැනුම් දී තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් ස්වදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ ජාතික සමඟිය තේමා කරගනිමින් අභිමානවත් ලෙස 69 වන ජාතික නිදහස් දිනය සමරන බවය.

පෙබරවාරි මස 04 වනදාට යෙදෙන 69 වන ජාතික නිදහස් සැමරුම් උළෙල  මෙවර ගාලු මුවදොර පිටියේදී පැවැත්වීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් සංවිධානය කර තිබේ.

Related posts

දුම්රිය ගේට්ටුකරුවන් යළිත් වෘත්තීය ක්‍රියාමාර්ගයක

Mohamed Dilsad

ජම්බුගස්මුල්ල ප්‍රදේශයේ වෙඩි තැබීමේ සිද්ධියට සැකකරුවෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන තවත් ඉහළට

Mohamed Dilsad

Leave a Comment