ක්‍රීඩා

අද තරගයේ වෙනස්කම්

(උදයම්,දකුණු අප්‍රිකාව)  – ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර දෙවන එක්දින තරඟය අද දකුණු අප්‍රිකාවේ ඩර්බන් හිදී ආරම්භවීමට නියමිතය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් පෙළ පිතිකරුවන්ට අද තරඟයේදී වැඩි වගකීමක් පැවරෙන බව ජාත්‍යන්තර ක්‍රීඩා විචාරකයන් පවසා තිබේ.

අද තරගය සදහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම තණතීරුව නිරීක්ෂණය කිරීමෙන් පසු තීරණය කිරීමට නියමිත බව වාර්තාවේ.

පන්දු වන්නන්ට සහ දක්වන තණතිලිලක් කිංග්ස්මිඩ් ක්‍රීඩාංගණයේ බලාපොරොත්තු වීම අපහසු බැවින් ජෙෆ්රි වැන්ඩර්සේ අද තරගයට ක්‍රීඩා නොකිරීමට වැඩි ඉඩකඩක් පවතින බවද වාර්තාවේ.

අද තරගයේදී ඉරියව් ක්‍රීඩක සචිත් පතිරණට හෝ චතුරංග ද සිල්වාට කණ්ඩායමේ ස්ථානයක් හිමිවනු ඇති බවද අනාවැකි පලවෙයි.

මේ අතර, දකුණු අප්‍රිකානු ක්‍රීඩක හෂීම් අම්ලා ප්‍රකාශ කර ඇත්තේ අද පැවැත්වෙන දෙවන තරඟයට කිසිදු පීඩනයකින් තොරව සිය කණ්ඩායම මුහුණ දෙන බවයි.

මේ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම අද තරගයට එක්වන්නේ තරග 5 කින් සමන්විත එක්දින තරගාවලිය සම තත්ත්වයට ගෙන ඒමේ අභියෝගය ද සමගය.

තරගය මෙරට වේලාවෙන් අද පස්වරු 5.00ට ආරම්භ වීමට නියමිතය.

Related posts

ශ්‍රී ලංකා පන්දු යවන්නන් පිළිබඳ ජේසන් රොයි කියන කතාව

Mohamed Dilsad

ICC ශූරයන්ගේ කුසලාන පළමු අවසන් පූර්ව තරගය අද

Mohamed Dilsad

දසුන් ශානක දැක්වූ දස්කම් කාගේත් කතා බහට [VIDEO]

Mohamed Dilsad

Leave a Comment