ක්‍රීඩා

ICC ශූරයන්ගේ කුසලාන පළමු අවසන් පූර්ව තරගය අද

(උදයම්,කොළඹ)  – ICC ශූරයන්ගේ කුසලාන එක්දින කි්‍රකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය අද පස්වරුවේ පැවැත්වේ.

ඒ සත්කාරක එංගලන්ත කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතරය.

තරඟය කාඩිෆ්හි සොෆියා ගාර්ඩ්න්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.  ඒ කාණ්ඩයෙන් තරග කළ එංගලන්ත කණ්ඩායම පළමු වටයේදී සහභාගි වූ තරඟ තුනම ජය ගනිමින් මෙවර තරගාවලියේ එකම අපරාජිත කණ්ඩායම ලෙස අවසන් පූර්ව වටයට පිවිසුණි

බී කාණ්ඩයෙන් තරග වැදුනු පාකිස්තානය තරග තුනකට සහභාගි වී ඉන් තරග දෙකක් ජය ගත්තේය.

ඔවුන් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවේ බී  කාණ්ඩයේ දෙවැනියා ලෙසය.

ඒ අනුව මෙම තරගය ජයග්‍රහණය කිරීමේ වැඩි වාසියක් එංගලන්ත කණ්ඩායම සතු බව ක්‍රිකට් විචාරකයන් පෙන්වා දෙයි.

Related posts

කැපී පෙනෙන වැඩ පෙන්වූ ඉන්දීය නවකයාට ICCයෙන් දඩයක්

Mohamed Dilsad

කොරෝනා වැළඳුණු මෂ්රාෆි මෝටාසා සුව අතට

Mohamed Dilsad

හෙට තරඟයට එන ඔස්ට්‍රේලියානු කණ්ඩායම මෙන්න

Mohamed Dilsad

Leave a Comment